Microsoft Edge කියන්නේ මුලින්ම Windows 10 වලට පමණක් සීමා වී තිබූ, එමෙන්ම තවමත් ඒ තරම්ම ජනප්‍රිය web browser එකක් නොවුණත්, මේ වන විට එහි ජනප්‍රියත්වය වේගයෙන් වර්ධනය වෙන බවක් දකින්නට ලැබෙනවා.

Microsoft ආයතනයේ සේවකයකු විසින් Twitter පණිවුඩයක් මගින් පෙන්වා දී තිබුණේ මේ වන විට Android සහ iOS යන platform දෙක මත ම Google Chrome browser එකට වඩා වැඩි rating අගයක් ලබා ගැනීමට Microsoft Edge සමත් වී තිබෙන බවයි.

කොහොම වුණත් Google Chrome සහ Microsoft Edge අතර ඇති download count එක, එහෙමත් නැතිනම් බාගතකර ඇති වාර ගණන සසඳා බැලූ විට නම් මෙය ගණන් නොගතයුත්තක් සේ සැළකිය හැකි වුවත්, අපි හැමෝම ප්‍රායෝගිකව අත්විඳින Chrome වල දුර්වල memory management එක බොහෝ වෙලාවට මේ අඩු rating එකක් ලැබීමට හේතුවක් වශයෙන් සැළකිය හැකි වෙනවා.

මේ වන විට Google Play Store එක මත Microsofto Edge විසින් 4.4 ක rate කිරීමක් සනිටුහන් කරන අතර Chrome විසින් 4.3ක් rating points ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. මේ අතර App Store එක තුලදී මෙම තත්ත්වය තවත් වෙනස් කරමින් Microsoft Edge විසින් 4.2 ක් ද Google Chrome විසින් 3.7 ක ද rating points ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා.

Microsoft සමාගම විසින් තම Edge browser එක භාවිතා කරන්නන් ලබා දෙන ප්‍රතිචාර ඔස්සේ අදාල වැඩිදියුණු කිරීම් කටයුතු සිදු කරන බැවින් සැළකිය යුතු ප්‍රමාණයක පිරිසක් ඔවුන් වෙත ඇද බැඳ තබාගැනීමට ඔවුන් සමත් වී තිබෙන බවක් දකින්නට ලැබෙනවා.