TechNews.LK වෙබ් අඩවියට නිතර ඇවිල්ලා යන එහෙමත් නැතිනම් Techie app එක හරහා news බලන ඔබටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න.

ඔබට ඉංග්‍රීසි භාෂා හැකියාව තියනවා නම්, translate කරන්න හෝ ඔයාගේ විදිහට ලිපි ලියන්න හැකියාවක් තියෙනවා නම් වගේම ඔයාගේ දක්ෂතාවය හැමෝමත් එක්ක බෙදා හදා ගන්න කැමති නම්, සම්මානනීය වෙබ් අඩවියක සාඩම්බර කතුවරයෙකු වීමට දැන් ඔබට අවස්ථාව තිබෙනවා.

සමහර විට ඔයා translate කරන්න ආස වුණත්, හොඳට English බැරි වෙන්න පුළුවන්. ඒත් අපි කැමතියි ඔයාට උදව් කරන්න. ඔයාට පුළුවන් උපරිම විදිහට translation එක කරලා අපට එවන්න. ඒකේ අඩුපාඩු හදලා, අපැහැදිලි තැන් හරිගස්සලා ඒක ඔයාගේ නමින් ම publish කරන්න අපේ team අය කටයුතු කරනවා.

මේ පිළිබඳ ව ඔයාට මොන විදිහේ ගැට‍ළුවක් තිබුනත්, ඒ හැම දෙයක් ගැන ම කතා කරන්න අපේ team එකේ අය ලෑස්තියි.


අවශ්‍යය මූලික දේවල්
  • Techie Account එකක්
  • තෝරා ගන්නා ලද news article එකක්
  • සිංහල type කිරීමට අපහසු නම් Google input tools වැනි පහසුකමක්
Techie Account එකක් ලබා ගන්නා ආකාරය

ඔයාට Techie account එකක් ලබාගන්න නම්, පහළ button එක මගින් [email protected] එකට ඔයාගේ නම, ලිපිනය හා දුරකථන අංකය සඳහන් කරලා, sample article එකක්, ඒ කියන්නේ ඔයා ළඟදී ලියපු ලිපියක් එක්ක email එකක් එවන්න. Techie team එකෙන් ඔයා එවන තො‍රතුරු සහ ලිපිය review කිරීමෙන් අනතුරුව, අපි බළාපොරොත්තු අවම සුදුසුකම් ඔයාට තියෙනවා නම්, දවස් කිහිපයක් ඇතුලත ඔයාට invitation email එකක් ලැබෙයි. Invitation mail එකක් ඔයාට ලැබුණු විට ඒ හරහා Techie account එකක් හදා ගන්න පුළුවන්.

Request an Invitation
සැළකිය යුතුයි:
1) අසම්පූර්ණ ලෙස තොරතුරු ඇතුලත් කර හෝ, sample article එකක් නොමැතිව සිදු කරනු ලබන අයදුම්පත් නොසළකා හැරෙන බව කරුණාවෙන් සළකන්න.

2) ඔබට Invitation mail එක ලැබෙන්නේ request එක දැමීමට භාවිතා කරනු ලැබූ email ලිපිනයට බැවින් request එක දැමීමෙන් අනතුරුව ලැබෙන email ගැන අවධානයෙන් පසු වන්න. සමහර විටක අදාල invitation එක spam folder එකට වුවත් ලැබීමේ සම්භාවීතාවයක් ඇත.
පරිවර්තනයේ දී සැලකිය යුතු කරුණු
  • පරිවර්තනය ආරම්භ කිරීමට පෙර එම ලිපිය කියවා හොඳින් තේරුම් ගන්න
  • හැකි සෑම විටම සරල ව කරුණු ඉදිරිපත් කරන්න
  • සෑම වචනයක් ම අතිශයින් ම සිංහල විය යුතු නැත. කියවන්නාට තේරෙන අයුරින් නිතර භාවිතා වන ඉංග්‍රීසි  වචන පාවිච්චි කිරීමට උත්සාහ ගන්න. (උදා: Mouse එකට මූසිකය යනුවෙන් යෙදීම අවශ්‍ය නොවේ.)
  • සෑම විටම පරිවර්තනය කිරීමෙන් පසු නැවත වරක් පරිවර්තිත ලිපිය හොඳින් කියවා බලා නොගැලපෙන තැන් ඇතොත් ඒවා නිරාකරණය කරන්න
පරිවර්තනය අවසානයේ දී

ලිපිය අවසන් කිරීමෙන් අනතුරුව, ඔයාගේ article එක TechNews.LK editorial review process එක හරහා යැවෙන අතර මෙහිදී Techie team එකේ editor කෙනෙක්/හෝ කිහිපදෙනෙකු ඔයාගේ ලිපිය අපේ Terms & Conditions වලට, Ethics Policy එකට වගේම Fact-Checking Policy එකට අදාලව සහ, Editor වරුන් හට පනවා ඇති ප්‍රමිතීන්ට අනුකූලව review කිරීම සිදු කරනවා.

Review එක අවසානයේ සුළු වෙනස්කම් පමණක් ඇත්නම් ඒවා නිවැරදි කෙරෙනු ඇති නමුත්, එහි ඇති කරුණු වල නිරවද්‍යයතාවය, සත්‍යතාවය හෝ භාශාමය ගැටළු ඇත්නම්, එය නැවතත් ඔබ වෙත යොමු කරනු ඇත.

අවසානයේ ලිපිය TechNews.LK ප්‍රමිතියට සහ ගුණාත්මක බවට අනුකූල වන තුරු ඉහත review ක්‍රියාවලිය සිදු වනු ඇති අතර, ඉන් පසුව එම ලිපිය අපගේ media platform එක තුළ publish කිරීමට කටයුතු කෙරෙනවා.


සැළකිය යුතුයි
වෙනත් වෙබ් අඩවියකින් copy කරන ලද articles අප වෙබ් අඩවියේ publish කරන්නට කටයුතු නොකරන නිසා ඔයාගේම article එකක් ලියන්න සෑම විටම උත්සාහ ගන්න.

Copy කරන ලද articles review කිරීමේදී ඉවත් කිරීමට කටයුතු කරනු ලබන බැවින් ඒ වෙනුවට පහත සඳහන් වෙබ්අඩවි අතුරින් එකකින් හෝ වෙනත් ඔබ කැමති news source එකකින් news තෝරා ගැනීමට කටයුතු කරන්න.

ඒ වගේම විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි translation එක කරලා article එකේ අන්තිමට ඒකට තොරතුරු ගත්ත source links ටිකත් දාන එක. Editorial review process එක ආරම්භ කරන්න නම් අනිවාර්යයෙන්ම මේ source links ටික ලිපියේ අන්තිමට දාන්න ඕනි.


TechNews.LK සමඟින් සම්බන්ධ වන සියලුම සාමාජිකයින් අපගේ Ethics Policy එක කියවා තේරුම් ගැනීම මෙන්ම ඊට අදාලව කටයුතු කිරීම අනිවාර්යය කාරණයක් වන බව කරුණාවෙන් සළකන්න.

Ethics Policy
The main purpose of this policy is to preserve the neutrality TechNews.LK standsfor and the integrity it provides in all aspects of its content. Every staff member is expected to read these rules carefully and abide by them.All of our employees are subjected to complying with all aspects of this …