අනාගතේ කවදාහරි දවසකදි, iPhone එකක් නැතිව එදිනෙදා කටයුතු කරගැනීමට අපහසු කාලයක් ඒවි කියලා හිතෙන විදිහේ දෙයක් ගැන තමයි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.

ඔවුන්ගේ අළුත්ම patent බළපත්‍රයක් පාදක කරගෙන නිර්මාණය වුණු පුවතක් මෙයට ප්‍රධානතම හේතුව වශයෙන් සලකන්න පුළුවන්. මේ ආරංචිය අනුව අපේ පෞද්ගලික ලිපිගොණු, ඒ කියන්නේ ID cards, Driving License වගේ ඉතාමත් වැදගත් දේවල් භාවිතා කිරීම වෙනුවට ඒ අවශ්‍යයතාවය සපුරාලන්න iPhone එකක් හරහා හැකියාව ලැබෙනවා.

මේ patent එකේ නම සඳහන් වෙන්නේ Document importation into secure element ලෙස වන අතර මේ පහසුකම හරහා RFID හෝ NFC වැනි short range radio chip එකක් භාවිතා කරමින් ඉහත සඳහන් කළ ආකාරයේ පෞද්ගලික තොරතුරු රාජ්‍යය ආයතන වලදී මෙන්ම තම අනන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍යය වන අවස්ථාවකදී බාවිතා කිරීමට හැකියාවක් ලැබෙනවා.

Apple Pay, Google Pay වැනි සේවාවකදී NFC හරහා payment කිරීමට හැකියාව ලැබෙනවාක් මෙන්, ID card එකක් ඉදිරිපත් කිරීමට අවශ්‍යය වූ විටක iPhone භාවිතා කරන්නාගේ අවසරය මත, එනම් fingerprint, Face ID හෝ Passcode වැනි authorization ක්‍රමයක් හරහා එම තොරතුරු ලබා ගැනීමට හැකියාව මෙහිදී ලැබෙන අතර, මේ තොරතුරු කියවීමට රාජ්‍යය ආයතන වල එයට වෙන් වූ වෙනනම device එකක් නිෂ්පාදනය කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

කොහොම වුණත් ඔවුන් මෙම patent එක ලබාගත්තත් තවමත් මෙම තාක්ෂණය ඔවුන්ගේ ජංගම දුරකථන වලට ඇතුලත් කරන බවට කිසිඳු ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නට කටයුතු කර නොමැති අතර එය iPhone වලට ඇතුලත් කලද, මේ වෙනුවෙන් රාජ්‍යය ආයතන සමඟ එකතු වී විශාල කටයුතු ප්‍රමාණයක් සිදු කළ යුතුව ඇති බැවින් නුදුරු අනාගතයේදී නම් මෙම පහසුකම අත්විඳින්නට හැකියාවක් නොලැබේවි.

හැඳුනුම්පත, රියදුරු බළපත්‍රය, ආදායම් බළපත්‍රය, දුම් සහතිකය වැනි වටිනා ලියකියවිලි රාශියක් යන එන හැම තැනම රැගෙන යනවාට වැඩියෙන් තම iPhone එකෙන් මේ කටයුතු සියල්ල කරගතහැකි වුවහොත් එය භාවිතා කරන්නන්ටත් විශාල පහසුවක් වනු නොඅනුමානය.