“Material Theme” එහෙමත් නැතිනම් “Material Design 2” යනුවෙන් හඳුන්වන material design පිළිබඳ වූ උපදෙස් මාලාවේ අළුත්ම සංස්කරණය කියන්නේ Android P සමගින් කරළියට එන ලද මාතෘකාවක්.

ඉතින් මේ අළුත් design guidelines වලට අනුකූලව Google සමාගමට අයත් apps එකින් එක වෙනස් කිරීමට Google සමාගම මේ වන විට කටයුතු කරමින් පවතින අතර පසුගිය දිනක Contacts app එකට මෙලෙස අළුත් ‌‌පෙනුමක් ලබා දීමට කටයුතු කළා මතක ඇති.

ඔන්න දැන් Google Phone app එකටත් මේ Material Design 2 theme එක එකතු කරන්න Google සමාගම කටයුතු කරලා තියනවා. මේ අනුව rounded corners මෙන්ම Google Sans කියන ඔවුන්ගේ අළුත් font එකත් මෙහි වැඩි වශයෙන් භාවිතා කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා. මේ අළුත් වෙනස app එකෙහි සෑම කොටසකටම එක සේ බලපාන ලෙස මෙම වෙනස්කම සිදු කර තිබෙනවා.

Google-Phone-22-tech-news-sinhala

Google-Phone-23-tech-news-sinhala

මේ අතරින් පසුගිය version එක සමඟ සැසඳීමේදී විශාලම වෙනස්කම ලෙස සැළකිය හැක්කේ call එකක් ලබාගන්නා විට හා ලැබෙන විට දර්ශනය වන screen වලයි.

Google-Phone-22-call-screen-tech-news-sinhala

Google-Phone-23-call-screen-tech-news-sinhala

මේ වන විට මෙම අළුත් update එක Google Play Store එක හරහා අදාල devices වලට beta chennel එක ඔස්සේ ලබා දීමට කටයුතු කර ඇති අතර ඉතා ඉක්මණින්ම සියළුමදෙනාට ලබාගතහැකි ලෙස මෙහි stable version එකක් නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරාවි.

මේ අතරතුරදී beta version එක භාවිතා කිරීමට කැමැත්තක් තිබෙනවා නම් මෙම link එක හරහා ගොස් අදාල beta program එකට එකතු වීමට හැකියාව තිබෙනවා.