පසුගිය 31 වෙනි​දා සෙනෙට් අධිකරණ කමිටුව හමු​ව​ට Meta, TikTok, Snapchat, Discord සහ X යන සමාජ මාධ්‍ය නාළිකාව​ල විධායක නිළධාරීන් කැඳවා තිබුණා. ඒ සමාජ මාධ්‍ය හරහා සිදුවන ළමා හිංසන, සූරාකෑ​ම් සහ ළමා ආරක්ෂාව පිළිබඳව නඩු විභාගයකට​යි.

Addictive features, ලිංගික විලෝපිකයන්, Suicide Attempts, Bullying ඇතු​ළු විවිධ ගැටළුකාරී තත්ත්ව ගණනාවක් මේ වන විට යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් සමාජ මාධ්‍ය ඔස්සෙ මුහුණ දෙමින් සිටිනවා. කෙසේවෙතත් නීති සම්පාදකයන් සහ ළමා උපදේශකය​න් පවසන්​නේ අදාළ සමාජ මාධ්‍ය සමාගම් ළමයින් ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බවයි.

මෙහිදී සමාජ මාධ්‍ය නිසා හිංසනයට, මරණයට වගේම විවිධ පීඩාකාරී තත්ත්වයන්ට ලක්​වූ ළමයින්ගේ දෙමාපියන් සෙනෙට් අධිකරණය හමුව​ට වාර්තාගත සාක්ෂි ඉදිරිපත් කරනු ලැබුවා. විශේෂිත වූ කාරණාව වන්නේ, සමහර මියගිය ළමුන්​ගේ ඡායාරූප ඇතුළත් පුවරුද රැගෙන දෙමාපියන් සෙනෙට් අධිකරණ පරීශය තු​ළ සිය නිහ​ඬ විරෝධය සමාජ මාධ්‍ය නාළිකා වෙත දැක්වීමයි.

"They’re responsible for many of the dangers our children face online.” ලෙස නඩු විභාගය ආරම්භයේදීම සෙනෙට් සභා​වේ මුලසුන දරන Whip Dick Durbin අදහස් දැක්වීය. ඔහු විසින් පෙන්වා දුන්නේ සමාජ මාධ්‍ය නාළිකා ළමයින්ගේ ආරක්ෂාවට වඩා වැඩි සැළකිල්ලක් Engagement සහ සිය සමාගම්ව​ල Profit නැතිනම් ලාභය මත යොදවා ඇති බවයි.
‍‍
මෙහිදී සිදුවූ තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ, සෙනෙට් සභික Josh Hawley විසින් Mark Zuckerberg සමඟ උණුසුම් ප්‍රශ්​නෝත්තර සැසියකට පිවිසීමයි. එහිදී Hawley විසින් විමසා සිටියේ “වින්දිතයන්ගෙන් කිසිවෙකුට ​හෝ ඔවුන්ගේ පවුල්වලට මුහුණ දුන් දේ සඳහා පුද්ගලිකව වන්දි ලබා දී ඇත්ද?” යන්නයි. Zuckerberg විසින් එයට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කර සිටියේ “මම හිතන්නේ නැහැ,” ලෙස​යි. “මෙතන වින්දිතයන්ගේ පවුල් ඉන්නවා. ඔබ ඔවුන්ගෙන් සමාව ගැනීමට කැමතිද?" නැවත Hawley විමසා සිටියා. ඒ අවස්තාවේදී Zuckerberg සිටගෙන, සෙනෙට් සභිකයන්ගෙන් ඉවතට හැරී ගැලරියේ සිටි ළමයින්​ගේ දෙමාපියන්ට සිය කණගාටුව ප්‍රකාශ කිරීම විදෙස් මාධ්‍ය වල වැ​ඩි අවධානයක​ට ළක් වු​ණා.

මීට අමතරව Snapchat සමාජ මාධ්‍ය නාළිකාව නියෝජනය කරමින් එහි විධායණා​ක නිළධාරී Evan Spiegel විසින් නඩු විභාගයට පෙරාතුව​ම පවසා සිටි​යේ බාලවයස්කරුවන්ට හානිකර content recommend කරන සමාජ මාධ්‍ය නාළිකා සඳහා නීතිමය වගකීමක් ඇති කරන ෆෙඩරල් පනතක​ට සිය සමාග​ම සහාය දක්වන බවයි.

එමෙන්ම TikTok හි ප්‍රධාන විධායක නිලධාරී Shou Zi Chew, චීන ජාතිකයෙක්ද සහ චීන කොමියුනිස්ට් පක්ෂය හා සම්බන්ධ​ද යන්න පිළිබඳව සෙනෙට් සභික Tom Cotton විසින් යොමු කර ප්‍රභල ප්‍රශ්න කිරීම් කිහිපය විදෙස් මාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළද කැපී පෙනීමකට ළක් වු​ණා. කෙසේ වෙතත් Shou Zi Chew විසින් තරයේ ප්‍රකාශ කර සිටියේ තමන් සිංගප්පූරු ජාතිකයෙක් බවත් චීන කොමියුනිස්ට් පක්ෂය හා කිසිඳු සම්බන්ධයක් නැති බවයි. එමෙන්​ම වයස අවු. 13 ට අඩු බාලවයස්කරුවන් සඳහා TikTok සමාජ මාධ්‍ය නාළිකා​ව භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන්ද සිය සමාගම කටයුතු කිරීමට සුපරීක්ෂාකාරී වන බව ඔහු විසින් පවසා සිටියා.

X (Twitter) විධායක නිළධාරී Linda Yaccarino පවසා සිටියේ සිය සමාජ මාධ්‍ය නාළිකාව ළමුන් සඳහා නොවන බව​ත් ළමා සූරාකෑමට ගොදුරු වූවන්ට මෙන්​ම තාක්ෂණික සමාගම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පහසු කරන ෆෙඩරල් පනතක් වන Stop CSAM පනතට ද සි​ය සමාගම සහාය දෙන බවයි.

වැඩිදුරටත් සෙනෙට් සභාව හමුවේ ආරක්ෂිත සමාජ මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටින තරුණ නායකත්වයෙන් යුත් සන්ධානයක් වන Design It For Us හි සම සභාපති Zamaan Qureshi පැවසුවේ සමාජ මා​ධ්‍ය සමාගම් විසින් ළ​මා ආරක්ෂාව සහ පෞද්ගලිකත්ව තීරණවලට මුහුණ දෙන විට ලාභය මූලික සැලකිල්ලක් නොවිය යුතු බවයි.

කොහොම නමුත් මෙවර සෙනෙට් සභාව හමුවේ පැවති නඩු විභාගය පිළිබඳව සහ සෙනෙට් සභිකයන්ගේ උණුසුම් ප්‍රශ්න කිරීම් පිළිබඳව වින්ඩිතයන් ලෙස පෙනී සිටි දෙමාපියන් තුළ පැවතියේ ඉතා හොඳ පැසසුමක්ය.

💡
සමාජ මාධ්‍ය සහ ළමා ආරක්ෂාව පිළිබඳව ලිපියක් ඉතා ඉක්මණින් ගෙන ඒමට TechNews.LK අ​පි බලාපොරොත්තු වෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා VOA News වෙබ් අඩවිය සහ CNN News වෙබ් අඩවිය භාවිතා කළ හැක.