ගොඩක් වෙලාවට අපි භාවිතා කරනු ලබන mobile apps හා වෙබ් අඩවි අනවශ්‍යය දේවල් වලින් බැහැරව, අදාල දේවල් විතරක් පෙන්වන විදිහේ ඒවා වෙනවා නම් හැම කෙනෙක්ම වගේ ඒකට කැමතියි.

technews.lk හි අපි හැම අවස්ථාවකදීම අපේ Tech News පාඨකයන්ගේ අවධානය බිඳින දේවල් ලිපි වලින් ඈත් කරලා තියන්න ගොඩක් උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් අපි Android භාවිතා කරන අයට නම් දැනටමත් Techie - Tech News සිංහලෙන් App එක නිකුත් කරලා තියනවා.

කොහොම නමුත් මේ වන තුරු iPhone භාවිතා කරන අපේ පාඨකයින් හට නම් App එකක් නිර්මාණය කිරීමට කටයුතු කරලා නැති බව ඔයාලා හැමෝම වගේ දන්නවා ඇති. හැකි ඉක්මණින්ම iOS වලටත් app එකක් නිර්මාණය කරන්න උත්සාහ දරණ ගමන්ම, ඒ දක්වා කාලය තුල iOS භාවිතා කරන්නන් හට සරළ විසඳුමක් ලබා දීමට අපි කල්පනා කලා.

Techie - Lite කියන්නේ මේ වගේ iOS භාවිතා කරන්නන් ඉලක්ක කරගෙන ‍කරනු ලැබූ වැඩිදියුණු කිරීමක් වන අතර මේ හරහා ඔයාට Web browser එකේ තිබෙන අනවශ්‍යය address bar එක වැනි දේවල් වලින් අත්මිදෙන්නට අවස්ථාව ලැබෙනවා.

Techie Lite ලබා ගන්නේ කෙහොමද?

මේ සඳහා සරළ පියවර කිහිපයක් අනුගමනය කළ යුතු වන අතර, මූලිකව ඔබේ iPhone එකේ තිබෙන Safari Web Browser එක හරහා technews.lk වෙබ් අඩවියට පිවිසිය යුතු වෙනවා.

ඉන් පසුව ඊතළයකින් යුතු Options icon එක සහිත button එක මත tap කිරීමෙන් පසු ලැබෙන menu එක මත හරස් අතට scroll කිරීම මඟින් Add to Home Screen යන option එක සොයාගතහැකි වන අතර ඒ මත වරක් tap කරන්න.

මීළඟට ලැබෙන screen එකෙහිදී ඔබට අවශ්‍යය නම් App Name එක වෙනස් කළ හැකි අතර Add button එක මත tap කිරීමෙන් එය ඔබගේ Home Screen එකට එකතු වනු ඇත.

ඉතින් මේ අලුතින් එකතු වුණු icon එක මත tap කිරීමෙන් පහසුවෙන්ම ඔයාට technews.lk වෙත පිවිසී අලුත්ම news කියවීමට අවස්ථාව ලැබෙන අතර කලින් ඔයාගේ screen එකේ කොටසක් වසාගෙන සිටි Address bar එක ඇතුලු ඉඩ ප්‍රමාණයත් ඔයාගේ පාවිච්චියට යොදාගැනීමට මේ හරහා අවස්ථාව ලැබෙනවා.

Techie - Lite app එක

මේ Techie - Lite වල අපගේ වෙබ් අඩවියේ තිබෙන සියළුම පහසුකම් අන්තර්ගත වන අතර, ඔයා ලිපියක් කියවමින් සිටින විට මීළඟ ලිපියට මාරු වීමට අවශ්‍යය නම්, ඒ සඳහා article එක මත අදාල දිශාවට Swipe කිරීම මගින් පහසුවෙන්ම එය සිදු කරගැනීමට අවස්ථාව තිබෙනවා.

මීට අමතරව ඔබ විසින් අවසාන වරට කියවමින් සිටි ලිපි කිහිපය අන්තර්ජාල සබඳතාවයක් නැති අවස්ථාවකදී, එනම් offline අවස්ථාවකදී වුවත් මේ Techie - Lite app එක හරහා කියවීමට ඔබට අවස්ථාව තිබෙනවා.

මෙය app එකක් ලෙස දිස් වුවත් සැබැවින්ම අපේ වෙබ් අඩවියෙහි සිදු කර ඇති සුළු වැඩිදියුණු කිරීමක් වන අතර මෙය නිර්මාණය කිරීමට භාවිතා කර ඇති තාක්ෂණය PWA එහෙමත් නැතිනම් Progressive Web App යන නමින් හඳුන්වනවා. මේ වන විට සේවාවන් විශාල ප්‍රමාණයක් වෙනුවෙන් භාවිතා කළ හැකි ඉතාමත් ප්‍රයෝජනවත් web technology එකක් බවට මෙය පත්ව තිබෙනවා.

මෙම පහසුකම iOS වලට පමණක් සීමා වුවක් නොවන අතර Windows 10 වලදී Chrome (Options -> More tools -> Create Shortcut) හරහා ද, Android වලදී Chrome සහ Edge (Options -> Add to Home Screen) හරහා ද භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.


කොහොම වුණත් මේ Techie Lite app එක හරහා iOS devices වලට push notification ලබාදීම සිදු කළ නොහැකි බව මතක තබාගත යුතු වෙනවා.

ඔබ Telegram සේවාව භාවිතා කරන්නේ නම්, අපගේ Telegram channel එකට join වීම හරහා ලිපියක් පළ වූ සැනින් notification එකක් ලබාගැනීමටත්, Instant View පහසුකම හරහා ලිපි කියැවීමේ හැකියාවත් ලැබෙනවා.


හැකි සෑම විටම Tech News කියවන ඔබගේ පහසුව උදෙසා අපේ platform එක වැඩිදියුණු කිරීමට අප නිරතුරුවම කටයුතු කරන අතර, මේ සඳහා ඔබේ අදහස් හා යෝජනා අපේ About Page එක, Facebook Page එක හෝ [email protected] කියන email ලිපිනය භාවිතා කරමින් අපට දන්වන්නත් ඔයාට අවස්ථාව තිබෙනවා.