Android මෙහෙයුම් පද්ධතියේ විවිධ සංස්කරණ විවිධ ආකාරයේ අලුත් පහසුකම් රාශියක් ඇතුලත් වූ සංස්කරණයක් ලෙස Android Pie සංස්කරණය හඳුන්වාදිය හැකි අතර පෙර නොවූ විරූ ලෙස නිකුත් වූ දිනයේදීම smartphone මාදිලි කිහිපයකටම මේ update එක ලබා දීමට විවිධ සමාගම් කටයුතු කලා.

මේ අනුව Google Pixel devices සඳහා Google සමාගම විසින් නිළ වශයෙන් මෙය නිකුත් කිරීමට කටයුතු කළ අතර Essential Phone සහ OnePlus වලට ඉතාමත් ඉක්මණින්ම මේ update එක ලබා දුන්නා.

මීට අමතරව Sony සමාගම ඔවුන්ගේ Android Pie සංස්කරණය ලැබෙන ජංගම දුරකථන ලැයිස්තුව ගැන මීට මාස දෙකකට පමණ පෙර අනාවරණය කළ අතර මේ වන විට එයින් Xperia XZ2 හා Xperia XZ2 Compact යන දුරකථන ‍ද්විත්වයට Android Pie update එක ලබා දීමටත් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම අනෙකුත් Sony devices වලට ද මේ update එක ලැබෙන දිනයන් ගැන නිළ වශයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට Sony සමාගම කටයුතු කර තිබෙන අතර ඒ අනුව Sony Xperia XZ Premium, Sony Xperia XZ1, සහ Sony Xperia XZ1 Compact යන මාදිලි වලට Android Pie update එක ලබන 26 වැනිදා, එනම් ඔක්තෝම්බර් 26 වැනිදා සිට ලැබීමට නියමිත වෙනවා.

මීට අමතරව Sony Xperia XZ2 Premium ජංගම දුරකථන වලට නොවැම්බර් 7 වැනිදා ද Sony Xperia XA2, Sony Xperia XA2 Ultra, සහ Sony Xperia XA2 Plus යන devices සඳහා ලබන වසරේ, එනම් 2019 වර්ෂයේ මාර්තු මස 4 වැනිදා මේ update එක නිකුත් කිරීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා.

මේ ගැන වැඩි විස්තර නිළ Sony blog එක හරහා මෙන්ම xda-developers වෙබ් අඩවිය හරහා දැනගැනීමට අවස්ථාව තිබෙනවා.