Google සමාගම විසින් Android P වල developer preview එක මීට මාස 5කට පමණ පෙර නිකුත් කරන්න කටයුතු කළා මතක ඇති.

ඉතින් ඔන්න ඊයේ, එනම් අගෝස්තු 6 වැනිදා මේ Android 9.0 එහෙමත් නැතිනම් Android Pie කියන operating system එකේ stable version එකක් Google Pixel devices වලට නිකුත් කිරීමට කටයුතු කළා.

android-pie-is-here-animated-tech-news-sinhala

මේ Android Pie සමගින් මීට කලින් version එකට වඩා විශාල features ප්‍රමාණයක් එකතු කිරීමට Google සමාගම කටයුතු කර ඇති බව මේ වෙනකොට අපි හැමෝම දන්න කාරණාවක්. මේ අළුත් පහසුකම් පිළිබඳව වැඩිදුර විස්තර අපි මීට කලින් Andorid පවුලේ අළුත්ම සාමාජිකයා - ANDROID P කියන ලිපියෙන් වාර්ථා කළා.

android-pie-navigation-smart-text-selection-tech-news-sinhala

මේ වෙනස්කම් අතරින් මොවුන් අළුතින් හඳුන්වා දුන් system navigation පද්ධතිය කැපී පෙනෙන වෙනස්කමක් වන අතර Smart Text Selection එකත් ප්‍රායෝගිකව භාවිතා කිරීමේදී ඉතා වැදගත්කමක් ගන්නවා. මේ Smart Text Selection හරහා අපි select කිරීමට උත්සාහ කරන text එකේ ඇති තේරුම අනුව, select වීමට අවශ්‍යයම කොටස හඳුනාගැනීමට දැන් Android Operating System එකට පුළුවන්.

මේ Android Pie operating system එක නිළ වශයෙන් නිකුත් කිරීමෙන් පැය කිහිපයකින් අනතුරුව Essential Phone එකට මේ update එක ලබා දීමට Essential ආයතනය කටයුතු කළා. බොහෝමයක් Google Pixel හිමිකරුවන්ටත් තවමත් මේ update එක ලැබී නැති නමුත් මේ වන විට Essential Phone හිමිකරුවන්ට මේ අළුත් update එක භාවිතා කරන්නට අවස්ථාව ලැබී තිබෙනවා.

ඔයාට Google Pixel Device එකක් තියනවා නම්, ඒ වගේම තවමත් update එක ලැබී නැතිනම් මේ update එක manually sideload කරගන්නත් ඔයාට අවස්ථාව තියනවා. නමුත් මේ කටයුත්ත සාර්ථකව කරගැනීමට නම් මේ පිළිබඳව කුඩා තාක්ෂණික දැනුමක් අවශ්‍යය වෙනවා. ඒ ගැන විස්තර මේ link එක හරහා ගොස් ලබාගත හැකියි.

කොහොම වුණත් බොහෝමයක් Android devices වලට මේ update එක officially නම් ලැබෙන එකක් නැහැ. නමුත් තව ටික දිනක් ඇතුලත custom ROM නිර්මාණය කරන deveopers ලා විසින් බොහෝමයක් දුරකථන වලට මේ update එක ලබා දෙන්න කටයුතු කරාවි. මේ අතරිනුත් OnePlus, Nexus වගේ දුරකථන හිමියන්ට පළමුව මේ custom ROM එකක් ලැබීමේ සම්භාවීතාවයක් තියනවා.