පොඩ්කාස්ට් කියන්නේ ලංකාවේ මෑත කාලීනව ගොඩක් ජනප්‍රියත්වයට පත්වුණු දෙයක්. මේ වෙනකොටත් ඔයා Podcast අහන කෙනෙක් නම්, දැනටම දන්නවාත් ඇති Google සමාගම විසින් ඔවුන්ගේ අළුත්ම Google Podcasts app එක ඊයේ දිනයේදී Android සඳහා නිකුත් කළා.

මේ Google Podcasts app එක අපිට එදිනෙදා හමුවන නිකන්ම නිකන් podcast app එකක් විතරක්ම නෙවෙයි. මේ podcast app එක Google Assistant එක්ක integrate කරළා තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. ඉතින් කෘතීම බුද්ධිය බාවිතා කරමින් ඔයාගේ රුචි-අරුචිය අනුව ඔයාටම ගැලපෙන විදිහේ podcasts recommend කරන්නත් මේ app එකට පුළුවන්.

google-podcasts-app-techie

එ් වගේම ඔයා මේ app එක හරහා පොඩ්කාස්ට් එකක් අහමින් ඉන්න අතරතුර යම් හේතුවක් නිසා ඒක නතර කරන්න වෙනවා නම්, ඔයාට ඒක Google Home device එකක් හරහා නතර කරන ලද තැන සිට නැවතත් අහන්න පුළුවන් හැකියාවකුත් ලැබෙනවා. මීට අමතරව මේ Google Podcasts සේවාව වෙනත් Google සේවා සමඟින් ද එකතු කිරීමට ඔවුන බළාපොරොත්තු වන බවත් වැඩිදුරටත් ඔවුන් ප්‍රකාශ කරනවා.

වැඩිදුරටත් මේ podcasts සඳහා automatic subtitles එකතු කිරීමට මෙන්ම එම subtitle වෙනත් භාශාවන්ට පරිවර්ථනය කිරීමට හැකියාවද මෙම සේවාවට එකතු කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා. Headphones නැති වෙලාවක හෝ ශ්‍රවණ ආබාධ සහිත පිරිස අතරට මේ podcasts ගෙනයාමට පවා අනාගතයේදි මෙයට හැකි වේවි.

Google Podcasts on Google Play


ඔයා දැනටමත් podcasts අහනවා නම් මේ ගැන දැනටමත් දන්නවත් ඇති, ඒ ගැන දන්නේ නැති අයට මේ news එක, දැන් ලංකාවේ අපිට සිංහලෙන්ම අහන්න පුළුවන් විදිහේ podcasts ගොඩක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම podcasts.lk එක හරහා මේ හැම එකක්ම අහන්නත් ඔයාට අවස්ථාව තියනවා.

විශේෂයෙන්ම ඔයා technology වලට වැඩි නැඹුරුවක් දක්වනවා නම්, Techකතා සහ Illumination Podcast එක ඔයාට recommend කරන්න පුළුවන්.