මේ වෙනකොට Westworld කියන විද්‍යා ප්‍රබන්ධ කථා මාලාව ලෝකය පුරාම මහත් ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වෙලා තිබෙනවා.

ඔන්න ඉතින් මේ කථා මාලාවට අදාල ලෙස නිර්මාණය කරන ලද mobile game එක Android වලට නම් දැනටමත් (ජුනි 19) නිකුත් වෙලා ඉවරයි. ඒ වගේම iOS වලට ලබන 21 වැනිදා නිකුත් වීමට නියමිතයි.

මේ game එක නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රසිද්ධ සමාගමක් වෙන Warner Bros. Games කියන සමාගමයි. ඒ වගේම දැනගන්න ලැබෙන විදිහට මේ game එක Fallout Shelter කියන game එකටත් සමාන කමක් දක්වනවා.

ඔයා Westworld කථා මාලාව මුළ සිට නරඹලා තියනවා නම් මේ trailer එක බැළුවම මේක මොන විදිහේ game එකක්ද කියලා පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ game එක හරහා අපිට Delos Corporation එකට සේවකයෙක් විදිහට එකතු වෙලා අපේම park එකක් නිර්මාණය කරන්න අවස්ථාව ලැබෙනවා. අපි කැමති විදිහට host ලා නිර්මාණය කිරීම, වැඩිදියුණු කිරීම ඇතුළු Westworld park එකේ සිදුවන සෑම දෙයක්ම පාහේ මේ game එකේ ඇතුලත් වෙනවා.

දැන් register වෙනවා නම් ඔයාට Pre-registration එක හරහා bonus rewards ලබාගන්නත් පුළුවන්.


ඒ වගේම Westworld season 2 එකේ අන්තිම episode එක ලබන ජුනි 24 වැනිදා විකාශය කිරීමට නියමිත අතර එම කතා මාලාවේ 3 වන අදියරක් සඳහා ද මෙය දීර්ඝ වන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.