ඔබ podcast ඇසීමට උනන්දු අයෙක්නම් අප විසින් පෙර ලිපියක් මඟින් 2020 වර්ෂයේ හොඳම Android Podcast Apps කිහිපයක් ගැනද ඔබව දැනුවත් කළා මතක ඇති.

2020 වර්ෂයේ හොඳම Android Podcast Apps කිහිපයක්
ඔබ drive කරන අතරතුර, වැඩ කරන විට, නිදා ගන්නා අවස්ථාවේ හෝ කාර්යාලයේ වැඩ කරනඅතරතුර ඔබගේ ප්‍රියතම අන්තර්ගතයට සවන්දීමට හැකි කදිම ක්‍රමයක් ලෙස Podcastsහඳුන්වාදෙ

කෙසේ නමුත් සමහර පුද්ගලයින් podcast ඇසීම සඳහා වෙනම සේවාවක් භාවිතා කිරීමට අකමැත්තක් දක්වන අතර ඔවුන් YouTube හරහා podcast ඇසීමට උනන්දුවක් දක්වන නිසාම podcast නිර්මාණකරුවන් මේ වන විට පුරුදු වී සිටිනවා YouTube සඳහාද podcast නිකුත් කිරීමට.

Podcast නිර්මාණකරුවන් තමන්ගේ podcast YouTube හි පළකිරීමට උනන්දු කරවීමට සහ podcast නිර්මාණකරුවන් සඳහා “Podcasting on YouTube” යනුවනේ මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට YouTube ආයතනය විසින් මේ වන විට කටයුතු කර තිබෙනවා.

අපට ප්‍රධාන වශයෙන් මෙහි Topics වෙත අවධානය යොමු කරහොත් Podcast Planning, Publishing, Promotion හා Channel Management වැනි topics කිහිපයක් යටතේ මෙම මාර්ගෝපදේශය නිර්මාණය කර ඇති අතර මෙය පරිශීලනය කිරීමෙන් පිටු 67ක් පුරාවට ඔබට podcasting පිළිබඳ ඉතාමත් උසස් මට්ටමේ දැනුමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

ඔබත් YouTube ආයතනය විසින් නිකුත් කල podcasting සඳහා මාර්ගෝපදේශය අධ්‍යනය කිරීමට කැමති නම් මෙම link එක මාර්ගයෙන් ගොස් ඔබට එය නොමිලේම අධ්‍යනය කිරීමෙ හැකියාව පවතිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ YouTube creators වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.