ඔයාල දන්නවත් ඇති AI එහෙමත් නැතිනම් කෘතිම බුද්ධිය ගැන. ඒත් අද පුවත නම් ටිකක් වෙනස් වගේම මේක ටිකක් පරණ කථාවක්. කොහොම උණත් අද මේ කියන පුවත නුදුරු අනාගතයට වැදගත් වෙනවා.

Nvidia කියන්නේ ලෝක ප්‍රසිද්ධ සමාගමක් වගේම ඔයාල ගොඩදෙනෙක් ආස කරන සමාගමක්. ඉතින් මේ Nvidia සමාගම නිශ්පාදනය කරලා තියනවා AI තාක්ශණයෙන් වැඩ ගන්න ඕනි අයට පුද්ගලික සුපිරි පරිගණකයක් (personal super computer).

NVIDIA-DGX-STATION-4-NVIDIA-Tesla-V100-GPU-tech-news-sinhala

මේ පරිගණකය නමින් DGX Station. කෙටියෙන් කියනවා නම් මේ Nvidia පුද්ගලික සුපිරි පරිගණකය NVIDIA® Tesla® V100 GPU හතරක් භාවිතා කරමින් තමයි සුපිරි බලවතෙක් වෙලා තියෙන්නේ.

අපි GPU ගැන කතා කරන විට බොහෝ වෙලාවට gaming එහෙමත් නැතිනම් 3D modeling වගේ දේවල් ගැන තමයි අපේ මතකයට එන්නේ. නමුත් මේ GPU එක ගැන ටිකක් හොයලා බැලුවොතින් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි මේක විශේෂයෙන්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ AI සහ HPC එහෙමත් නැතිනම් High-performance computing වලට කියලා. මේ වර්ගයේ එක GPU එකකින් සාමාන්‍යය CPU 100 කින් පමණ කරන වැඩ කටයුතු එක් වරකදී කරගන්න පුලුවන් බව Nvidia සමාගම පෙන්වා දෙනවා.

perf-chart-dgx-station-72x-faster-625-u-tech-news-sinhala

ඔයාලා අහලා ඇති සුපිරි පරිගණක වල කාර්යක්ශමතාවය මනින්නේ ගිගා හර්ට්ස් / GHz වලින් නම් නෙමෙයි. ගිගා ‍ෆොලොප්ස් gigaFLOPS වලින්. නමුත් මේ Nvidia DGX Station පුද්ගලික සුපිරි පරිගණකයේ කාර්යක්ශමතාවය ගිගා ෆ්ලොප්ස් වලින් කියනවට වඩා ලේසියි ටෙරා ෆ්ලොප්ස් කියන එක. මෙහි කාර්යක්ශමතාවය ටෙරා ෆ්ලොප්ස් 500 ක් පමණ වෙනවා.

කොහොම නමුත් මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ නම් AI තාක්ෂණයෙන් වැඩ ගන්න ඕනි අයට. ඉතින් AI ගැන උනන්දුවක් දක්වන අයට නම් මේක ගොඩාක් වටින පුවතක් වේවි. ඒ වගේම මේ තාක්ශණික ලෝකයේ පෙරළිකාර වෙනස අද අපි දකිනවට වඩා නුදුරු අනාගතයේදී ගොඩාක් වෙනස් වෙන්න පුලුවන්. ඔයත් මමත් භාවිතා කරන පුද්ගලික පරිගණක වෙනුවට නුදුරු අනාගතයේ සුපිරි පුද්ගලික පරිගණක භාවිතයත් ආරම්භ වෙන්න පුලුවන්. ඒ වගේම අනාගතයේදි මේ වගේ Laptop පරිගණක පවා එළි දකීවි.

ඉතින් මේ සුපිරි පරිගණකය භාවිතා කරමින් High-Performance Computing (HPC) හරහා AI සඳහා පමණක් නොව Servers ද නිර්මාණය කරගත හැකි බව මේ Nvidia සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. මේ විදිහේ පරිගණක භාවිතා කරමින් වැඩ කරන්න ආස කරන අයට හිත සැනසෙන කතාවක් කියන්නත් මම සූදානම්. ඒ පිළිබඳ විස්තර මීළඟ ලිපියෙන් බලා පොරොත්තු වන්න.

ඉතින් මේ වගේ News වලට ආස කරන යාළුවො ඔයාටත් ඇති, ඒ අයටත් බලන්න Share කරන්න. ඔයාලත් කැමති නම් මේ වගේ ඔයාලගේ දැනුම බෙදාගන්න අපිත් එක්ක එකතු වෙන්න.!