ඔබට පසුගිය වසරේ තාක්ෂණික ලෝකයේ නව පිටුවක් පෙරළමින් Mark Zuckerberg Metaverse සමඟින් ගොඩ නැගෙන Facebook අනාගතය පිළිබඳව ලොවට හෙළි කළා මතක ඇති. බොහෝ කාලයක සිට චිත්‍රපට සහ විද්‍යා ප්‍රබන්ධ වලට පමණක් සීමා වූ අතත්‍ය ලෝකය හා සැබෑ ලෝකය එකක් කිරීම මෙතැන් පටන් තාක්ෂණික ලෝකයේ හැඩය වෙනස් කරන බවට බොහෝ දෙනෙක් මත පල කළා. අද වෙද්දී Metaverse කියන සංකල්පය කෙමෙන් කෙමෙන් තාක්ෂණික ලෝකයෙන් ඔබ්බට එදිනෙදා ජීවන රටාව හැඩ ගැස්සවීම තෙක් විහිදෙමින් පවතිනවා. නමුත් පසුගිය දිනෙක මේ Metaverse එකෙහි අඳුරු පැති කඩක් පිළිබඳව කරුණු අනාවරණය වුනා. ඒ Metaverse පරීක්ෂණ මට්ටමේ දී පරිශිලිකාවක් ලෙස ඒ වෙත ඇතුලත් වූ කාන්තාවක් වෙත Metaverse තුලදීම යම් පිරිසක් ලිංගික හිරිහැ‍ර සිදු කල බවට කරුණු අනාවරණය වීමත් සමගයි.

මේ බිහිසුණු සිදුවීමට මුහුණ දෙන්නට සිදු වුණේ Nina Jane Patel නම් 43 හැවිරිදි කාන්තවකටයි. ඇය මෙටා විශ්වය සහ එහි අනාගත දිශානති පිළිබඳව පර්යේෂණ සිදු කරන kabuni නම් ආයතනයක සම නිර්මාතෘවරියක්. මෙටා විශ්වයේ Horizon Worlds වැනි අතත්‍ය ලෝකයන් පොදු ජනතාවට නිකුත් කිරීමට පෙර බීටා පරීක්ෂාවන් සඳහා යම් යම් පිරිස් වෙත මෙය වෙත ඇතුල්වීමට අවස්තාව ලබා දුන්නා. එලෙස ඇතුල් වූ Nina Jane Patel ව male avatars කිහිපයක් විසින් ලිංගික හිරිහැරයට ලක් කර තිබෙනවා. male avatars ඇයව වට කරගෙන හිරි හැර කරමින් චායාරූප ලබාගත් බව තමයි ඇය මාධ්‍යට එලි කරන්නේ. තව දුරටත් මේ හිරිහැරය ඉවසාගත් නොහැකිව ඇය කොයි තරම් එතනින් ඉවත් වීමට උත්සහ කලත්, විරුද්ධත්වය පල කරත් එය කිරීමට නොහැකි වූ බවත් ඇට සඳහන් කරනවා. ඇය මෙටා විශ්වය කුඩා දරුවන්ට් විවෘත කිරීම් සහ එතුලට parental controls පහසුකම් එක් කිරීම පිළිබඳවයි පර්යේශණ සිදු කරමින් සිටින්නෙ.

1. බිහිසුණු සිදුවීමට මුහුණ දෙන්නට සිදුවු Nina Jane Patel - arabnews.com

මෙය සිදුවූ කාලයේම මේ කතාව medium නම් නම් වෙබ් අඩවිය තුල සටහන් කර තිබුනා. කාලයක් යනතුරු ඇයගේ සැබෑ නම ලෝකයට හෙළිදරව් වුනේ නම් නැහැ. මේ සිදුවීම මෙටා විශ්වයේ අඳුරු පැතිකඩ පිළිබඳව ඉතා හොඳ නිදසුනක් සපයනවා. දැන් ඇය ඇගේ කතාන්දර ලොකයට කියන්න ඉදිරිපත් වෙලා.

තව දුරටත් මෙවැනි අඳුරු සහ බිහිසුණු සිදුවීම් සිදුවීම වලක්වා ලන්නට මෙටා විශ්වය සහ Horizon World තුලින් 'Personal Boundary' පහසුකම හඳුන්වා දුන්නා. මේ ඔස්සේ මෙටා විශ්වයේ ඔබ භාවිත කරන Character එක (Avatar එක) වටා ආරක්‍ෂිත බුබුලක් නිර්මාණය වෙනවා. ඒ ඔස්සේ ඕනෑම කෙනෙකුට ආරක්ෂිතව මේ විශ්වය සහ එහි අපූර්වත්වය විඳින්නට හැකි වේවි යැයි මෙටා විශ්වයේ නිර්මාතෘ වරුන් බලාපොරොත්තු වෙනවා. නව ආරක්ෂක සංකල්ප එක්ක තව දුරටත් ඇවටර් වලට අඩි 4ක් පමණ එකිනෙකට දුරින් සිටින්නට පමණයි හැකියාව පවතින්නේ. කොයි තරම් දුරකට මෙය මේ මෙටා විශ්වයට බලපෑම් එල්ල කරාවිද කියන එක පිළිබඳව නම් තවමත් කියන්නට ඉක්මන් වැඩියි. මොකද මෙටා විශ්වයේ අරමුණ බවට පත්වෙන්නේ ම ලෝකයේ සිව්කොන සිටිනා මිනිසුන් එකිනෙකා වෙත සමීප කිරීමයි.

2. 'Personal Boundary' පහසුකම - Cnn.com

මේ ආරක්‍ෂිත බබල් සංකල්පය ගැටලුවට ස්ථිරසාර විසඳුමක් සැපයුවත් නැතත් මේ ආරංචිය නම් Meta සමාගමේ මේ දිනවල තිබෙන තත්වයට එතරම් හොඳ ලෙසින් බලපාන එකක් නෑ. TikTok platform එකේ ශීඝ්‍ර නැගී ඒම සහ Apple සමාගම සිදු කළ privacy changes වැනි හේතුන් නිසා මෙටා සමගම දැනටමත් අති විශාල පාඩුවක් ලබා අවසන්.

මෙටා සමාගම මේ ලබන්නේ ඔවුන්ගේ විශාලතම කොටස් වෙළඳපොල බිඳ වැටීමයි. එය ඇමරිකානු ඩොලර් බිලියන 232ක් පමණ බවයි දැනගන්නට ලැබෙන්නේ. 2021 වසරේ දී මෙටා සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 10ක පාඩුවක් ලැබූ බව වාර්තා වෙනවා. සමාගමට අනුව මෙයට හේතුව ඔවුන් ඉතා විශාල වශයෙන් නව මෙටා විශ්වය වෙත ආයෝජනයන් සිදු කිරීමයි.කොහොම නමුත් තාක්ෂණ ලෝකයේ විද්වතුන් සමහරක් නම් දරන්නේ මෙයට සම්පුර්ණයෙන් ම වෙනස මතයක්.

3. ආරක්‍ෂිත බබල් සංකල්පය මේ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් සපයාවිද? - Thedailybeast.com

මෙටා සමාගම මුල් කාලයේ සිටම ඔවුන්ගේ තරඟකරුවන්ගේ පහසුකම් අනුකරණයට පෙළඹී සිටින බව ඔබ අප බොහෝ දෙනෙකුට පැහැදිලියි. එවැනි පහසුකම් සම්පුර්ණයෙන් ම පාහේ Facebook සහ Instagram වෙත භාවිත කිරීමට සමාගම පෙළඹ සිටිනවා. උදාහරණයක් ලෙස ලෝකයේ ප්‍රකටම Video Platform එකක් වන YouTube හා තරඟ කිරීමට IGTV ඔවුන් හඳුන්වා දුන්නා. Snapchat හා තරඟ කිරීමට Stories හඳුන්වා දුන්නා, ටික්ටෝක් හා තරඟ කිරීමට Reels පහසුකම හඳුන්වා දුන්නා, Clubhouse වෙනුවට Audio room ඒවාට හොඳ උදාහරණ. මේ පහසුකම් එක් කිරීමේ හොඳ නරක දෙකම පවතින බව කියන ම ඕනේ. සියලු පහසුකම් හඳුන්වා දීම පිටුපස මෙටා ආයතනය මුල්‍ය අරමුණු පමණක් පවත්වගෙන යන බවත් දැන් එය දැන්වීම් වලින් පිරි ඉතිරි යන නිසා පරිශීලකයන් මේ සමාජ මාධ්‍ය භාවිතයට මැලි කමක් දක්වන බවත් ඔවුන් සඳහන් කරනවා.

මේ විවිධ පහසුකම් ඈඳා ගැනීම කොයි තරම් දුරකට සාර්ථකද? මෙටා සමාගමේ මේ උපාය මාර්ගයන් ඔයි තරම් නම් ප්‍රතිඵල පෙන්වනවාද යන්න ගැටළුවක්. Facebook කියන්නේ ලෝකයේ බොහෝ දෙනෙක් ගේ මුල් ම සමාජ මාධ්‍යයි. මුල් කාලයේ එහි තිබු විශේෂත්වයන තව තවදුරටත් තිබෙනවාද යන්න දැන් ගැටළුවක්. විශේෂයෙන් ම පරිශීලකයන්ගේ ගැටළු සඳහා ඔවුන් ප්‍රතිචාර දක්වන ආකාරය, නිර්මාණ කරුවන් වෙත මතුවෙන ගැටළු වැනි දේ නිසා ම පරිශීලකයන් මේ වෙතින් වෙනත් සමාජ මාධ්‍ය කරා යොමු වේවි යැයි තාක්ෂණික ලෝකයේ විද්වතුන් සැක පල කරනවා. ඔවුන්ගේ යෝජනාව නම් හුදෙක් නව පහසුකම් එක් කිරීමට වඩා පරිශීලකයන්ගේ අවශ්‍යතාවන් දෙස මෙටා සමාගම මීට වඩා සාවධානව සවන් දුන්නොත් මේ ගැටලුවෙන් ඔවුන් ට මිදෙන්නට තවමත් කාලය තිබෙන බවයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා MetaverseIsFuture වෙබ් අඩවිය සහ Mashable වෙබ් අඩවිය භාවිතා කළ හැක.