ඉන්දියාව විසින් මෙහෙයවනු ලැබූ චන්ද්‍රයාන් 2 mission එක ගැන වගේම මේ mission එකේ එක කොටසක් වුණු වික්‍රම් කියන lander එක සඳ මතුපිටට ගොඩබැස්වීමේ සිද්ධිය ගැන මේ වන විටත් බොහෝ තොරතුරු ඔබ දන්නවා ඇති.

කොහොම වුණත් මේ වික්‍රම් යානය සඳ මතුපිටට ගොඩබැස්වීමේදී සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් නිසාවෙන් එම යානය සඳ මතුපිටට කඩාවැටීමට ලක් වූ අතර, ඉන්දියාවේ පිහිටි ප්‍රධාන පාලක මධ්‍යස්ථානයට හෝ සඳ වටා කක්ෂගත වී තිබෙන චන්ද්‍රයාන් 2 Orbiter එක හරහා මේ වික්‍රම් Lander එක සම්බන්ධ කරගැනීමට අපොහොසත් වී ගියා.

මේ වන විට ඉන්දියාවේ ISRO (Indian Space Research Organization) එක විසින් මෙම යානාය සම්බන්ධ කරගැනීමට විශාල උත්සාහයක් දරනු ලබන අතර ඇමෙරිකාවේ NASA ආයතනය විසින් ද මේ සඳහා සහාය ලබා දීමට ඉදිරිපත් වී ඇති බව වාර්ථා වෙනවා.

චන්ද්‍රයාන් 2 මෙහෙයුම ගැන TechTrack විමසුම

මේ චන්ද්‍රයාන් project එකට යොදාගන්න spacecraft එක ප්‍රධාන වශයෙන් කොටස් හතරකින් සමන්විත වෙනවා.

කෙටියෙන් කියනවා නම් මේ Launcher එක භාවිතා කරලා සියළුම කොටස් පෘතුවියෙන් ඉවතට අරගෙන ගිහින්, Orbiter කියන කොටස ස‍ඳ වටා කක්ක්ෂගත කරන්නට කටයුතු කරනවා.

ඉන් පසුව සඳ මතුපිට ගමන් කිරීම සහ පරීක්ෂණ කිරීම සඳහා නිෂ්පාදනය කරනු ලැබූ Pragyan Rover එක සහිත Vikram Lander එක සඳ මතුපිටට ගොඩබැස්වීමට කටයුතු කරනවා.

කොහොම නමුත් මේ වික්‍රම් Lander එක ගොඩබැස්වීමේදී ඇති වුණු අවාසනාවන්ත තත්ත්වයක් නිසා මෙය සඳ මතුපිටට කඩාගෙන වැටෙන අතර මෙය සමඟින් තවදුරටත් radio සම්බන්ධතාවයන් පවත්වාගෙන යෑමට ඉන්දියාවට හැකියාව නොමැති වී යනවා.

Vikram Lander එක ගැන TechTrack විමසුම

මොකක්ද මේ ප්‍රාග්යාන් රෝවර් එක?

සඳ මතුපිට ගමන් කරමින් පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව තිබෙන යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍යය වන අත්දැකීම් කිසිවක් නොතිබූ නිසාවෙන් මූලිකව රුසියාවේ සහාය ලබාගැනීමට සිතුවත්, ඉන්දියානුවෝ කියන්නේ තමන්ගෙ පුංචි දේට හරි වටිනාකමක් දීලා දේශිය දේ අගය කරන පිරිසක් වන නිසාවෙන් මේක ඉන්දියාවේදීම නිෂ්පාදනය කරන්න ISRO එක තීරණය කළා.

කොහොම හරි ඉන්දියානුවන් තමන්ටම අනන්‍ය විදියකට මේ ප්‍රාග්යාන් රෝවර් එක කාගෙන්වත් දැනුමක් ලබා නොගනිමින්, ISRO එක ඇතුලෙදිම නිර්මාණය කළ අතර ඒ නිසාවෙන්ම මේ රෝවර් එකටත් තියෙන්නෙ ඉන්දියාවටම අනන්‍ය වෙච්ච හැඩයක්.

මේ රෝවරය (පෘථිවියේදි) 27Kg ක් බරයි වගේම මේකට අවශ්‍ය බලය මෙයා ලබාගන්නේ Solar Panels වලින්. සාමාන්‍යයෙන් මේ වගේ rover එකක් සමඟ සැසඳීමේදී මෙහි ඇති ‍ලොකුම වෙනස තමයි, මේකට තියෙන්නෙ එක Solar Panel එකයි.

ඒවගේම මේ රෝවර් එකට (ස්වාධිනව හැසිරවිය හැකි) රෝද 6ක් තියෙන අතරම මේවා භාවිතා කරමින් මේකට මීටර් 300ක් 400ක් පමණ චන්ද්‍ර මතුපිටෙහි එක් වරකට ගමන් කරන්න පුළුවන්.

මේ Pragyan Rover එකට තියෙනවා Stereoscopic Camera එකක්. Stereoscopic කියන්නේ ‍උදාහරණයක් විදියට අපේ ඇස්දෙක වගේ.

අපේ ඇස් දෙකන් ලබාගන්න රූප 2ක් අතර පොඩී දෘෂ්ඨිකෝණ වෙනසක් තියෙනවා. ඒ වෙනස මගින් තමයි අපි යම්කිසි වස්තුවක ත්‍රිමාණත්වය/ගැඹුර දකින්නේ. ඉතිං ඒ කියන්නෙ මේ ප්‍රාග්යාන් රෝවර් එකට සද මතුපිට 3D view එකක් බලාගන්න පුළුවන් වගේම digital elevation model එකක් නිර්මාණය කරන්නත් හැකියාව තිබෙනවා.

ඒ වගේම තමයි මේකට චාලක කම්පන පාලකයක් (kinetic traction controller) තියෙනවා වගේම සම්පූර්ණ චලන හා කම්පන හැසිරවීමට independent Motors 10 ක් තියෙනවා. ඉතිං සදේ හුගක් රළු තැන්වලට වුණත් ගැටළුවක් නැතිවම ගමන් කරන්න මේ යානයට හැකියාව තිබෙනවා.

මීට අමතරව මේකට 100%ක්ම ඉන්දියාව ඇතුලෙදිම නිර්මාණය කරපු Laser වර්ණාවලීක්ෂයක් (Laser Induced Breakdown Spectroscopy / LIBS) වගේම ඊට සමගාමීව ‍භෞතික විශ්ලේෂණ කටයුතු සදහා ඇල්ෆා අංශු වලින් ප්‍රේරිත X-Ray වර්ණාවලීක්ෂයක් (Alpha Particle Induced X-Ray Spectroscopy /APXS ) තියෙනවා.

ඒ කියෙන්නෙ හරියට රොබෝ ලැබ් එකක් වගේ ඒ අවස්ථාවෙදිම රසායනික සංයුතිය පරීක්ෂාවන් කරන්නත් මේ ප්‍රාග්යාන් රෝවර් එකට පුලුවන්.

ඉතිං චන්ද්‍රයාන්2 mission එකේ final part එක ගොඩදාගත්තොත් ඒකෙන් කරන්න පුළුවන් මොනාද කියල ඔයාලටම හිතාගන්න පුළුවන් ඇති.


ඒ වගේම තමයි මේ ලිපිය ලියන වෙලාව වෙද්දි වික්‍රම් යානාව සඳ මතුපිටට කඩාවැටිලා දින කිහිපයක් ගතවෙලා තිබෙන නමුත් එහි සම්බන්ධතාවය ලබාගන්න ඉන්දියාව තාමත් වෙහෙසෙනවා. එත් වික්‍රම් යනාව මුනින් අතට වැටිල ඇන්ටනාව වික්‍රම් යානයට යටවුණු නිසා මේ සම්බන්ධතාවය ලබාගන්න පුලුවන්ද කියන කාරණාව පිළිබඳව නම් ටිකක් අඩු සම්භාවීතාවයක් තියෙන්නේ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ ISRO වෙබ් අඩවිය හා NDTV වෙබ් අඩවිය භාවිතා කළ හැක.