විව්ධ සමාජ සේවයන් සදහා අරමුදල් එකතු කරගැනීමට Facebook තුළ භාවිතා වන Fundraisers පහසුකම ගැන ඔබ දැනුවත් ඇති.

ඔන්න දැන් මේ අරමුදල් එකතු කිරිමේ පහසුකම තවදුරටත් ව්‍යාප්ත කරමින් Instagram profile, Instagram/Facebook stories , Game streaming වැනි පහසුකම් හරහාද අරමුදල් එකතු කිරිමට හැකියාව ලබා දෙන්න Facebook සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අලුත් features හරහා ලාභ නොලබන ආයතන වලට තමන්ගේ Instagram profile එක හරහා තම පරිශීලකයන්ගෙන් සෘජුවම Donation ලබාගැනීම හැකියාව ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මේ හරහා එම සංවිධානය උදව් කිරීමට කැමති ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් අදාල ආයතනයට තමන්ගේ සහය දැක්වීමට හැකියාව ලැබෙන අතර Facebook හා Instagram Stories සදහා donation stickers එකතු කිරීමටද හැකියාව ලැබෙනවා.

ඒ වගේම මෙ පහසුකම් හරහා Facebook live stream gaming වලදී තම නරඔන්නන්ගෙන් live streams අතරතුර අරමුදල් එකතු කර ගැනීමේ හැකියාව ලැබ දී තිබෙනවා.

මෙහිදී අදාල game එක stream කරන්නා හට goal amount එකක් ලබා දිය හැකි අතර නරඔන්නන් හට ඊට අදාල donations සිදු කිරීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම එලෙස යම් පුද්ග‍ලයෙකු මුදලක් donate කළහොත් pop up notification එකක් ලෙස අදාල stream කරන්නා හට පෙන්වන අතර මේ හරහා ඔහුට අදාල මුදල් ලබා දුන්නා හට ස්තූති කිරීමට පහසුකම ලැබෙනවා.

කොහොම නමුත් මේ පහසුකම මූලිකව ඇමෙරිකාව සඳහා පමණක් ලබාදීමට මොවුන් කටයුතු කර ඇති අතර ඉතාමත් ඉක්මණින් අනෙකුත් රටවල් සඳහා ද ලබාදීමට කටයුතු කරනු ලබන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ පිළිබදව වැඩි විස්තර දැනගැනීම‍ සඳහා නිළ Facebook වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Socialgood වෙබ් අඩවිය භාවිතා කළ හැක.