Facebook සමාගම නිකුත් කරන්නට සූදානම් වන Smartwatch එක ගැන මීට කලින් ලිපියකිනුත් අපි ඔබට තොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති.

ඔන්න දැන් The Verge වෙබ් අඩවිය විසින් මේ ගැන තවත් තොරතුරු හෙළිදරව් කර තිබෙන අතර ඒවාට අනුව Facebook සමාගමේ මෙම නවතම smartwatch එක සතුව detachable camera ඇතුලත් වනු ඇති බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව යම් දවසක මෙම smartwatch එක මිලදී ගන්නා පරිශීලකයින්ට මෙම smartwatch එක ඔස්සේ ලබාගන්නා ඡායාරූප, smartphone එකක සම්බන්ධතාවයකින් තොරව සෘජුවම, Facebook,WhatsApp, Messnger හෝ Instagram සමඟ share කිරිමේ හැකියාව ලැබෙනු ඇති.

මෙම කැමරා 2, එකක් front facing කැමරාවක් වනු ඇති අතර අනෙක් එක rear facing කැමරාවක් වෙනු ඇති.

මෙහි ඇතුලත් වන front facing කැමරාව සාමාන්‍ය පරිදි, video call ආදිය සඳහාත් rear facing කැමරාව සාමාන්‍ය පරිදි ඡායාරූප සහ වීඩියෝ ලබා ගැනීම සඳහා සහාය දක්වනු ඇති බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මෙහි ඇතුලත් වනු ඇති rear facing කැමරාව සතුව auto focus පහසුකම සහ 1080p වූ ඉහල resolution එකක් දක්වා video record කිරීමේ හැකියාවද ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම ජංගම දුරකථනයක සම්බන්ධතාවයකින් තොරව, ස්වාධීනව LTE connection එකක් සමඟ සම්බන්ධ වී ක්‍රියාත්මක වන ලෙස මෙම watch එක නිර්මාණය කර ඇති බව වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි Facebook සමාගම විසින් මේ වන විටත් 3rd party accessories නිෂ්පාදකයින් සමඟ එක්ව, මෙම watch එකේ කැමරාව හා සම්බන්ධ කල හැකි 3rd party gadgets හා backpack හා cases ආදිය නිර්මාණය කරමින් සිටිනවා.

2022 වසරේදී නිකුත් වෙතැයි අපේක්ෂා කරන මෙම smartwatch එක White, Black හා Gold යන colors වලින් ලබාගත හැකිවනු ඇති අතර මිල ආසන්න වශයෙන් $400 පමණ වෙනු ඇතැයි අනුමාන කෙරෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.