Drone කියන නම ඇසුනු සැණින්ම අපේ මතකයට එන ආයතනයක් වෙන්නේ DJI කියන අයතනයයි. මේ වන විට ලෝකයේ Drone market එකෙන් 70% ක ප්‍රමාණයක් අයිති වෙන්නෙත් මේ DJI කියන චීන සමාගමටයි.

ඉතින් මේ DJI සමාගම Foster + Partners කියන architectural firm එකත් එක්ක එකතු වෙලා ඔවුන්ගේ අළුත් headquarter building එක නිර්මාණය කරන්න යන පුවතක් මේ දින වල දැනගන්න ලැබෙනවා. මේ අළුත් building එක ඉදි කිරීමට සැලසුම් කර තිබෙන්නේ චීනයේ Shenzhen කියන ප්‍රදේශයේ වන අතර මෙය කුළුණු දෙකකින් සමන්විත වෙනවා.

එමෙන්ම මෙම කුළුණු දෙක යා කර "floating community in the sky" යන නමින් ගුවනේ පාලමක් ඉදි කිරීමටද මෙම සැළසුම අනුව පෙනී යන අතර එම පාළම Drones test කිරීමට යොදාගැනීමට ඔවුන් අදහස් කරගෙන සිටිනවා.

Source: CNBC