Android ජංගම දුරකථන ජනප්‍රිය වීමට ප්‍රථමව ලොව premium ජංගම දුරකථනය ලෙස කිරුළු පැළඳ සිටියේ BlackBerry ජංගම දුරකථන වූ නමුත් මේ වන විට BlackBerry යන නම පවා අසන්නට ලැබෙන්නේ බොහෝ කලාතුරකින්.

මේ වන විට BlackBerry සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ Android හරහා බළගැන්වෙන BlackBerry ජංගම දුරකථන හැර, අනෙකුත් සියළුම BlackBerry ජංගම දුරකථන මෙන්ම ඒවායේ Operating systems ද, ජනවාරි 4, එනම් අද දින සිට සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට කටයුතු කරනු ලබන බවයි.

මේ අනුව ජනවාරි 4, එනම් අද දින සිට තවදුරටත් BlackBerry 7.1 OS සහ ඊට පෙර සංස්කරණ, BlackBerry 10 software, BlackBerry PlayBook OS 2.1 සංස්කරණය සහ ඊට පෙර සංස්කරණ සඳහා BlackBerry Services ලබා නොදෙනු ඇති අතර, Calls ලබාගැනීම, Wi-Fi හෝ mobile data භාවිතා කිරීම, SMS පහසුකම මෙන්ම 911 හදිසි ඇමතුම් ලබාගැනීමේ හැකියාව ද අකර්මන්‍ය වීමේ හැකියාවක් ඇති බව ඔවුන් වැඩිදුටත් නිවේදනය කර සිටිනවා.

BlackBerry 10 and BlackBerry OS Services FAQ — End of Life
Frequently asked questions about the end of life of BlackBerry 10 and BlackBerry OS services.

කෙසේ නමුත් BlackBerry ආයතනය ඔවුන්ගේ මෙම සේවාවන් 2020 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී අවසන් කිරීමට මූලිකව තීරණය කර තිබුණු අතර, ඔවුන්ගේ පරිශීලකයින් ඔවුන් අතහැර නොයෑම අගය කිරීමක් ලෙස මෙම සේවාවන් ලබාදෙන කාලය 2022 වර්ෂයේ ජනවාරි දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ BlackBerry වෙබ් අඩවිය සහ Softpedia වෙබ් අඩවිය භාවිතා කළ හැක.