ලෝක ප්‍රසිද්ධ සමාගමක් වන Amazon සමාගම යටතේ පවතින Amazon Web Services ආයතනය පිළිබඳව ඔබ මේ වන විටත් දන්නවා ඇති. Cloud computing ආශ්‍රිතව සේවා සපයන මෙම ආයතනයෙහි AWS Colombo User Group එක මඟින් සංවිධානය කරන AWS Community Day Sri Lanka උළෙල හරහා ඔවුන්ගේ සේවා පිළිබඳව ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය භාවිතා කරන IT community එක දැනුවත් කිරීමට ඔවුන් සූදානමින් සිටිනවා.

මෙම උළෙල දෙසැම්බර් 6 සහ 7 යන දෙදින තුළදී online event එකක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහිදී AWS ආයතනයේ ප්‍රවීණයන් විසින් විවිධ ක්ෂේත්‍ර හරහා ඔවුන්ගේ සේවාවන් මඟින් වැඩකටයුතු පහසු කරගන්නෙ කෙසේද සහ එම සේවාවල විශේෂත්වය ඔබ වෙත ලබා දීමට සැදී පැහැදී සිටිනවා.

WS Community Day Sri Lanka 2022 - Event Speakers

අද (06) උදෑසන 9 සිට මෙම දේශන මාර්ගගතව පැවැත්වෙන අතර LinkedIn සහ YouTube සමාජ මාධ්‍ය නාළිකාවන් ඔස්සේ සජීවී විකාශය ගෙන ඒමට ඔවුන් සූදානමින් සිටිනවා. එමෙන්ම TechNews.LK Live වෙබ් පිටුව හරහාද ඔබට මෙම AWS Community Day Sri Lanka 2022 උළෙල නැරඹීමේ හැකියාව පවතිනවා.

පසුගිය දිනවලදී මෙම උළෙල සඳහා Registrations ආරම්භ කර තිබූ අතර එහිදී ලැබෙන Referral එකක් හරහා අන් අයට මේ සඳහා invite කිරීමෙන් ඔබට ත්‍යාග ලබා ගැනීමේ හැකියාව පැවතුනා. ඒ වගේම සංවිධායක මඩුල්ල වැඩි දුරටත් සඳහන් කර සිටියේ සජීව විකාශය අතරතුර AWS සේවා ආශ්‍රිතව අසන ප්‍රශ්න වලට පිළිතුර සැපයීමෙන් තවත් ත්‍යාග ජයග්‍රහණය කිරීමේ හැකියාව පවතින බවයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා AWS User Group වෙබ් අඩවිය භාවිතා කළ හැක.