CeylonCash යනු ශ්‍රී ලංකාවේ Crypto Currency ක්ශේත්‍රය තු​ළ විශාල සේවයක් ඉටුකරමින් Crypto ක්ශේත්‍රයේ ලාංකීය ප්‍රවර්ධනය උදෙසා ක්‍රියා කරන කණ්ඩායම​ක්. ඔවුන් විසින් අප්‍රේල් මාසයේදි සිදු වීමට නියමිත Bitcoin Halving Event එකට සමගාමීව ශ්‍රී ලංකාවෙ ප්‍රථම වරට Halving Yacht Party 2024 නමින් Event එකක් පැවැත්වීම​ට සූදානමින් සිටිනවා.

මීට පෙර ද Technews.LK අපි Bitcoin Halving event එක පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඔබ වෙත ගෙනහැර දැක්වීමට කටයුතු කලා ඔබට මතක ඇති. එසේම පහත සබැඳිය ඔස්සේ මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබාගන්න පුලුවන්.

Bitcoin mine කරන්නන්ගේ reward එක හරි අඩකින් අඩු කරනු ලබන Bitcoin Halving ගැන සරළව දැනගනිමු
මොකක්ද මේ Bitcoin Halving කියන්නේ? කොහොමද මේක වෙන්නේ? Bitcoin වල වටිනාකමට මොකද වෙන්නෙ?

මෙරට ඇතුළු විදේශ රටවල Crypto Currency ක්ෂේත්‍රයේ අන්තර්ජාති​ක ප්‍රවීණයන් ඇතු​ළු තවත් පිරිස් මෙම Event එක සඳහා සහභාගී වීමට නියමිත අතර මෙය පැවැත්වීමට නියමිත වනුයේ අප්‍රේල් මස 19 දින ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හා සුප්‍රසිද්ධ දකුණු පළාතේ, මිරිස්ස ප්‍රදේශ​යේ Ocean Diamond නමින් හැදින්වෙන දකුණු ආසියාවෙ විශාලතම සුඛෝපභෝගී Yacht යාත්‍රාවේ වීමද විශේෂත්වයකි.

Halving Yacht Party 2024 Sponsors

Main Sponsor - Chainlyze.ai

මේ සඳහා මූලික අනුග්‍රහය දක්වමින් On-Chain Analysis Platform එකක් වන Chainlyze.ai CeylonCash සමග අත්වැල් බැඳගෙන තිබෙනවා.

එමෙන්ම පසුගිය වර්ෂයන් තුළ සහ මේ දක්වා CeylonCash කණ්ඩායම විසින් දීප ව්‍යාප්තව මෙවැනිම අකාරයේ විවිධ events සහ meetups මාලාවන් පැවැත්වීමට කටයුතු කළ අතර මේ හරහා ඔවුන් විසින් Crypto Currency ක්ශේත්‍රය පිළිබඳ දැනුම බෙදා ගැනිමට මෙන්ම Bitcoin ආශ්‍රිත නවතම තොරතුරු සහ කාලීන සොයාගැනිම් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Past Events by CeylonCash
Sri Lanka Makes Strides in Bitcoin Adoption with the Success of “Bitcoin Deepa” Initiative and Ceylon Bitcoin Meetups
The adoption of Bitcoin in Sri Lanka has been steadily growing thanks in part to the efforts of the Bitcoin Deepa (Bitcoin දීප) initiative, which is also known as the “Pearl of Satoshi.” This initiative, inspired by the work of Bitcoin Beach in El Salvador, has been working to

මෙම event එක මගින් ඔවුන් බලාපොරොත්තු වනු ලබන්නෙ ශ්‍රී ලංකාවේ Crypto ප්‍රජාව සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සම්බන්ධවීමට දැනුම බෙදා ගැනීමට මෙන්ම Bitcoin Halving Event එකට සමගාමීව සුවිශේෂී අවස්ථාවන් සහ නවඹු අත්දැකීම් රැසක් ලබාදීමටයි.

NFT Ticket

මෙම Event එකට සහභාගි වීම සදහා අවශ්‍ය Tickets, NFT (non-fungible token) ප්‍රවේශපතක් ලෙස mint.ceylabs.io වෙබ් අඩවිය මගින් ලබා ගත හැකි වන අතර මේ Event එක සඳහා සහභාගි වීමට නම් පහත සුදුසුකම් වලින් එකක් හෝ සපුරාලිය යුතු ඇත.

  1. Hold CCM (CeylonCash 1st Meetup) 1 NFT
  2. Portfolio worth more than a BTC
  3. Wallet Aged 1000 Days +
Ceylon Crypto Meetup - Halving Yatch Party 2024 · Luma
Ahoy, Crypto Crusaders! 🚀 Get ready to set sail on the most epic adventure of 2024 - the Ceylon Crypto Meetup: Halving Yacht Party! Hosted and brought to you by the swashbuckling folks at…

Halving Yacht Party එක සඳහා Register වීම​ට

💡
Halving Yacht Party 2024 සඳහා නිළ ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය දක්වමින් Ceylon Cash සමඟින් අත්වැල් බැඳගත් TechNews.LK කණ්ඩායම අප්‍රේල් 19 වෙනිදා පැවැත්වීමට නියමිත event එකෙහි සියළු තතු ඉදිරියේදී ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Disruptmagazine.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.