Tesla, SpaceX සහ මේ වන විට Twitter සමාගමේද හිමිකාරීත්වය දරණ Elon Musk විසින් ආරම්භ කර ලද Neuralink ව්‍යාපෘතිය පිළිබඳව අප මීට පෙර ඔබ වෙත පුවත් ගෙන ඒමට කටයුතු කරනු ලැබුවා.

Neuralink සමාගම විසින් මිනිස් මොළය හා සෘජුව සම්බන්ධ වී ක්‍රියාත්මක විය හැකි පරිගණක අතුරුමුහුණතක් එහෙමත් නැත්නම් Computer Chip එකක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා. Elon Musk පවසන ආකරයට Neuralink Chip එක හරහා මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට හැකි වන අතර මිනිසුන් තුළ ඇති වන විවිධ මානසික රෝගද මේ හරහා පාලනය කර ගැනීමේ හැකියාව තිබෙනවා.

Neuralink මගින් නිපදවන Chip එකක් හරහා ඇබ්බැහිවීම් සහ විශාදය වැනි තත්ත්වයන් වලට ප්‍රතිකාර කළ හැකි බව Elon Musk අනාවරණය කරයි
Tesla හා SpaceX යන සමාගම් හි නිර්මාතෘ වරයා වන Elon Musk විසින් මේ වන විට ලෝකයේඅනාගත ගමන් මාර්ගය කෙසේ විය යුතු දැයි තීරණය කරමින් සිටින බව පැවසුවහොත්

2016 වර්ෂයේදී ආරම්භ කරන ලද Neuralink සමාගම මඟින් neural තාක්ෂණය හා සම්බන්ධ පර්යේෂණ අවුරුදු ගණනාවක් පුරාවට සිදු කළ අතර 2021 වර්ෂයේදී විවිධ සතුන් යොදාගමින් මෙම තාක්ෂණය හා ව්‍යාපෘතිය නිරීක්ෂණය කරනු ලැබුවා.

පසුගිය දිනයකදී Elon Musk නිවේදනය කරනු ලැබුවේ Neuralink ව්‍යාපෘතියේ පර්යේෂණ අවසන් අදියරේ පවතින බවත් ඉදිරි මාස හය ඇතුළත Neuralink Chip එක මිනිසුන් භාවිතා කරමින් නිරීක්ෂණය කිරීමට U.S. Food and Drug Administration (FDA) මඟින් අවසර ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් Neuralink ව්‍යාපෘතිය හා අනාගතය කෙබඳු වේවිදැයි ලොව පුරා විද්‍යාඥයන් විසින් තර්ක විතර්ක ගෙනහැර දක්වන අතර The 100 කතා මාලාවේ එන A.L.I.E Chip එක මඟින් මිනිසුන් පාලනය කරමින් සිදු කළ ව්‍යසනයක් වැනි තත්වයක්ද මේ හරහා අනාගතයේදී සිදු වීමට ඉඩ ප්‍රස්තාව තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Reuters වෙබ් අඩවිය සහ Bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.