ඔබ දැනටමත් දන්නවා ඇති Foldable mobile phone market එක විශාල සාර්ථකත්වයක් ලබා ගන්නට Samsung සමාගම මේ වෙනකොටත් සමත් වෙලා තිබෙන බව.

මේ වසරේ අගෝස්තුවේ නිකුත් කළ Galaxy Z Fold 4 හා Z Flip 4 හි සමස්ත අලෙවිය මේ වන විට ඒකක මිලියන 8 ඉක්මවා තිබෙන බව අන්තර්ජාල වාර්තා පෙන්වා දෙනවා.

කොහොම උනත් Galaxy Z Fold 3 හා Z Fold 4 යන Model දෙකම S Pen feature එක සදහා සහාය දැක්වුවත් මේ මාදිලි දෙකේම In-built S Pen Slot එකක් ඇතුලත් වූයේ නැහැ.

මෙයට විසදුමක් ලෙස Samsung සමාගම S Pen එක රැඳවිය හැකි Back Cover එකක් ඉදිරිපත් කර තිබුණා.

S Pen Slot එක සමඟ එන Back Cover එක

නමුත් එමගින් Device එක Fold කළ පසු ඇතිවන Thickness එක තවත් වැඩිවෙන නිසා එය එතරම්ම හොඳ විකල්පයක් නව පෙනෙන්නට නැහැ.

කොහොම උනත් ලබන වසරේ නිකුත් වීමට නියමිත Galaxy Z Fold 5 සමග මෙම ගැටළුවට විසඳුමක් දෙන්නට Samaung සමාගම කටයුතු කරමින් සිටින බව මේ වන විට විශ්වාසදායී මූලාශ්‍රයන් තහවුරු කරන අතර, මේ අනුව Z Fold 5 වෙත In-built S Pen Slot එකක් ඇතුලත් වනු ඇති බව වාර්තා වෙනවා.

කොරියානු  පුවත් මූලාශ්‍රයක් වෙන The Elec. වෙබ් අඩවිය වාර්තා කරන්නේ Samsung සමාගම සිය Folding Phone සඳහා වන සැපයුම්කරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී ඔවුන් වෙත ප්‍රධාන ඉලක්කයන් කිහිපයක් ලබා දී ඇති අතර ඒවා නම්, Z Fold 5 හි බර හා Thickness එක අඩු කිරීම, Display එකේ Crease Mark එක ඉවත් කිරීම, S Pen Slot එකක් ඇතුලත් කිරීම, Camera Setup එක වැඩි දියුණු කිරීම ආදියයි.

මේ අනුව Z Fold 5, Foldable mobile phone market එක තුල හැරවුම් ලක්ෂයක් වෙනු ඇති බව අනුමාන කළ හැකියි.

එමෙන්ම මෙහිදී තවත් වැදගත් කරුණු කිහිපයක්ම හෙළිදරව් කිරීමට සමාගම කටයුතු කර තිබෙන අතර, ඒවා අතර Apple සමාගම 2024 දී Notebook හා Tab model, Foldable ලෙස නිකුත් කිරීමට කටයතු කරනු ඇතැයි යන ප්‍රකාශය බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබෙනවා.

මේ අනුව Apple පාරිභෝගිකයන්ට මුලින්ට Foldable iPhone එකක් වෙනුවට Foldable Notebook එකක් හෝ Tab එකක් බලාපොරොත්තු විය හැකියි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා thelec.net වෙබ් අඩවිය සහ cnet.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.