ඔබගේ ජංගම දුරකථනය හෝ Sim එක හෝ වෙන කෙනෙක් අතට පත් උනොත් ඒ කෙනාට ඔබේ sim එකට පහසුවෙන් WhatsApp account එකක් හදාගන්න පුළුවන්.

මේ වෙනකොට ලංකාවේ service provider ලා විසින් එයාලාගේ mobile numbers recycle කරන්න පටන් අරන් තියන බව අපි හැමෝම දන්නවා. ඉතින් ටික කාලයක් ඔයා ඔයාගේ sim එක භාවිතා කලේ නැතිනම්, ඒ connection එක disconnect කරනවාට අමතරව වෙන කෙනෙකුට විකුණන්න වුණත් අවස්ථාව තිබෙනවා.

මේ විදිහට හරි, වෙන විදිහකින් හරි ඔයාගේ Sim card එක වෙන කෙනෙකු ලඟට ගියොත්, ඉතාමත් පහසුවෙන් අදාල කෙනාට ඔයාගේ number එකට WhatsApp account එකක් හදන්න වගේම, ඔයාගේ chat backups වගේ දේවල් download කරගැනීමේ හැකියාවත් ලැබෙනවා.


ඉතින් මේ ප්‍රශ්නයට පිළිතුරක් විදිහට WhatsApp සමාගම විසින් two-step verification කියන පහසුකම WhatsApp වලට ඇතුලත් කර තිබුණත් මේ ගැන බොහෝ දෙනෙක් හරියටම දැනුවත් නැහැ.

මේ හරහා ඔයාගේ WhatsApp account එකට pin number එකක් වගේම email address එකක් සම්බන්ධ කරලා, ආයෙත් වතාවක් ඔයා වෙන phone එකක් අලුතින් WhatsApp වලට සම්බන්ධ වෙනවා නම්, මේ pin එක හරි අදාල email address එක හරි භාවිතා කරලා WhatsApp account එක restore කරගන්න ඔයාට අවස්ථාව ලැබෙනවා.

ඉතින් ඒ කියන්නේ වෙන කෙනෙකුට ඔයාගේ Sim card එක ලැබුණත්, මේ Pin එක හරි email address එකට හරි access නැතිනම්, එයාට අදාල number එකට WhatsApp account එකක් නිර්මාණය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ.


කොහොමද මේ Two-step verification පහසුකම enable කරගන්නේ?

මුලින්ම WhatsApp වල Settings -> Account-> Two-step verification කියන option එකට ගිය විට එම screen එකේ පහලින් enable කියල button එකක් තියෙනවා දකින්න පුළුවන්.

ඒ button එක උඩ tap කළාම අංක 6ක Pin එකක් ඉල්ලනවා. අපි කැමති Pin එකක් දීල ඒක confirm කළාට පස්සෙ අපේ email address එකක් ඉල්ලනව. දැනට අපි භාවිතා කරන email address එකක් දීල confirm කළාම මේ සේවාව සක්‍රීය වෙනවා.


විශේෂයෙන්ම මතක තබාගත යුතු දෙයක් තමයි, ඉහත steps වලදී email address එක ඇතුලත් කිරීම optional වුවත්, හදිසියේ හෝ මේ pin එක අමතක වුවහොත් තමන්ගේ WhatsApp account එක නැවත ලබාගන්න තියන එකම ක්‍රමය තමයි මේ email address එක හරහා request link එකක් යැවීම.

ඉතින් මේ email address එකක් ඇතුලත් කිරීම ඉතාමත් වැදගත් බව WhatsApp සමාගම පෙන්වා දෙනවා.


ඒ වගේම මේ two-step verification පහසුකම භාවිතා කරලා තියනවා නම්, ඔයා අන්තිමට WhatsApp භාවිතා කරපු දවසේ සිට දවස් 07ක් ඇතුලත වෙනත් phone එකක මේ number එකටම WhatsApp සඳහා ලියාපදිංචි වෙනවා නම්, අනිවාර්යයෙන්ම මේ Pin එක අවශ්‍යය වෙනවා.

ඒ වගේම මේ දවස් 7ට පසුව කවුරුහරි කෙනෙකුට මේ sim card එක ලැබිලා ඔයාගේ Pin එක නැතිව WhatsApp එකට login වෙන්න හැදුවොත්, ඔයාගේ messages වලට backup එකක් එයාට ලැබෙන්නේ නැති වෙන්න ඒ messages ටික delete කරන්න WhatsApp සමාගම කටයුතු කරනවා.

මේ විදිහට ඔයා අන්තිමට WhatsApp භාවිතා කරපු දවසේ සිට දවස් 30ක් ගතවීමෙන් පසුව, ඔයාගේ Pin එක නැතිව WhatsApp වෙත ලියාපදිංචි වුණොතින්, අදාල WhatsApp account එක delete වෙලා, අලුතින්ම WhatsApp account එකක් නිර්මාණය කිරීමට මොවුන් කටයුතු කරනු ලබනවා.


අපිට මේ pin එක අමතක වෙයි කියල බය වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ. මොකද සතියකට වරක් අපි WhatsApp account එක open කරනකොට අපිට අර pin එක අවශ්‍ය වෙනවා. මේ විදියට pin එක නිතර භාවිතා කරනකොට pin එක නිතර මතකයේ රැඳී තිබෙනවා.

අපිට මේ pin එක අමතක උනොත්, අපි කලින් ලබා දී තිබෙන email address එකට email එකක් යවලා ඒ email එකේ තියෙන link එකෙන් Two-step verification එක අක්‍රීය කරන්න හැකියාවත් තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ WhatsApp වෙබ් අඩවිය භාවිතා කළ හැක.