ඔයාල මේ වෙනකොටත් අහල ඇති gaming වලටම හදපු Razer phone එක ගැන. ඒක තමයි මේ වෙනකන් gamers ලාට තිබුණු හොඳම smarphone එක. නමුත් මෙන්න මේකට අභියෝග කරන්න පුළුවන් මට්ටමේ අළුත්ම smartphone එකක් ගැන Asus සමාගම විසින් නිවේදනයක් නිකුත් කරලා තියනවා.

ROG-Phone-general-techie

මේ phone එක නම් කරලා තියෙන්නේ Asus ROG Phone යන නමින්. ඒ වගේම මේ ROG කියන්නේ Republic of Gamers කියන brand name එකයි. මේ ජුනි 5 වෙනිදා ආරම්භ වීමට නියමිත Computex 2018 කියන event එකේදී මෙයාලා මේ අළුත්ම smartphone එක එළිදක්වන්න නියමිත බව සඳහන් කරලා තියනවා.

මේ ROG Phone එක තමයි Razer phone එකට පසුව 90Hz display එකකින් සමන්විත වෙන මීලඟ phone එක වෙන්නේ. ඒ කියන්නේ මේකේ තියන screen එක තත්පරයට 90 වතාවක් refresh වෙනවා. ඉතින් මේ display එක නිසා මේ phone එකේ තිබෙන animations ඉතාමත් smooth විදිහට පෙන්වන්න පුළුවන්.

ROG-Phone-performance-techie

ඒ වගේම මේ දවස් වල ඉතාමත් ජනප්‍රිය එහෙමත් නැත්නම් වැඩි වශයෙන් කතාබහට ලක් වෙන SoC එකක් වෙන Qualcomm Snapdragon 845 chipset එකක් 2.96GHz කට overclock කරලා තමයි මේ ROG Phone එක බලගැන්වෙන්නේ. මේක තමයි දැනට තියන වේගවත්ම Snapdragon SoC එක වෙන්නෙත්. මේ වගේ overclock කිරීමකදී ගොඩක් වෙලාවට මේක රත් වෙන්න බලනවා කියන එක අපි හැමෝම දන්න කරුණක්. ඉතින් මේ වෙනුවෙන් මේ phone එකේ vapor cooling system එකක් තියනවා වගේම විශේෂයෙන්ම fan එකක් සහිත accessory එකක්ද මේකට නිර්මාණය කරලා තියනවා.

විශේෂයෙන්ම මේ phone එක 8GB RAM එකක් සහ 512GB internal storage එකකින් සමන්විත වෙනවා. Specifications ගැන සම්පූර්ණ විස්තරය පහළින් දක්වලා තියනවා.

මේකේ maximum performance එක activate කරන්න නම් Asus ලා හඳුන්වලා දීලා තියනවා X-Mode කියලා mode එකක්. ඔයාලට මතක ඇති HTC ලා හඳුන්වලා දුන්න Edge Sense කියන feature එක. අන්න ඒ වගේම Phone එක දෙපැත්තෙන් තද කලාම මේ X-Mode එකට මාරු වෙන්න පුළුවන්. ඉතින් මේ X-Mode එකට මාරු වුණාම phone එකේ දැනට run වෙන background processes එහෙම නවත්තලා gaming වලට මූලිකත්වය දෙන ලෙස සකස් වෙනවා.

ROG-Phone-with-squeeze-techie

මීට අමතරව AirTriggers කියන නමින් හඳුන්වන phone-edge interactions එහෙමත් නැත්තම් phone එකේ අයින tap කල විට යම්කිසි command එකක් run කරන්න පහසුකමත් මේ phone එකේ ඇතුලත් වෙනවා. ඒ වගේම මේ තැන් user ට customize කරගන්න පුළුවන් ආකාරයට සකසලා තියනවා.

ඒ වගේම මේ phone එකට accessories ගොඩක් නිර්මාණය කරන්න Asus සමාගම කටයුතු කරලා තියනවා. classic gamepad එකක්, analog sticks කිහිපයක්, shoulder buttons set දෙකක් වගේම phone එකේ sides වල සාමාන්‍යය gamepad එකක මෙන් නිර්මාණය කරන ලද buttons කිහිපයකින් ද මේ phone එක සමන්විතයි. මීට අමතරව මේ phone එකෙන් ඔයාට පුළුවන් ලඟම තියන smart TV එකට කිසිම lag වීමකින් තොරව wireless විදිහට video stream කරන්නත්.

ROG-Phone-accesories-techie

මේ phone එක dual screen කරන්න පුළුවන් ආකාරයේ TwinView Dock කියලා තවත් accesory එකක් මෙයාලා නිර්මාණය කරලා තියනවා. ඒකටම අන්තරගත වුණු 6,000 mAh battery එකකිනුත් මේක සමන්විතයි. අඟල් 6ක display එකක් වුණත් 1080p screen resolution එකකින් යුක්ත වෙන මේ device එක speakers 4කින් යුක්ත වෙනවා.

ROG-Phone-dual-screen-techie

මීටත් අමතරව මේ ROG phone එක monitor එකකට සම්බන්ධ කරගෙන සාමාන්‍යය පරිඝනකයක් ආකාරයට භාවිතා කරන්න පුළුවන් විදිහේ accesory එකකුත් තියනවා. මේකට Phone එක සම්බන්ධ කළ විට game ගහන ගමන්ම phone එක charge කරන්නත් පුළුවන්.

ROG-Phone-pc-connector-techie

ඉතින් මේ විස්තර බැළුවම අපිට මේකේ මිළ ගණන් කොහොම වේවිද කියලා හිතාගන්න පුළුවන් නේද? කොහොම වුණත් මේකේ මිළ ගණන් තාමත් Asus එකෙන් නිවේදනය කරලා නැහැ. බොහෝවිට Computex 2018 event එකේදී මේ ගැන ප්‍රකාශයට පත් කරාවි. ඒ වගේම මේ Phone එක මේ අවුරුද්දේ අග භාගය වන විට වෙළඳපලට නිකුත් කරන්නත් මේ Asus සමාගම බලාපොරොත්තු වෙනවා.

Source: The Verge