ඔයාල දන්නව ඇති Xiaomi කියන්නේ අපි වියදම් කරන මුදලට උපරිම වටිනාකමක් දෙන දුරකථන නිපදවන සමාගමක් කියලා.

ඉතින් Xiaomi ලා මේ පාර නිකුත් කරල තියන අලුත්ම දුරකථනය වන Xiaomi Redmi S2 එහෙමත් නැත්නම් Xiaomi Redmi Y2 දුරකථනය, සෙල්ෆි camera එක මූලික කර ගෙන නිකුත් කරන්න එයාල කටයුතු කරලා තියනවා. මේ සැරේ එයාල ගොඩක්ම ටාගට් කරල තියෙන්නෙ ඉන්දියාවේ දුරකථන වෙළෙඳපොළයි. ඒ නිසාම තමයි එයාල ගොඩක්ම සෙල්ෆි camera එකට මූලිකත්වය දීල තියෙන්නෙත්.

Redmi-Y2-display-techie

මේ අවුරුද්දේ මැයි මාසයේ නිකුත් කෙරුණු මෙම දුරකථනයේ ඩිස්ප්ලේ එක ගැන කථා කලොත් අඟල් 5.99"යුතු IPS LCD capacitive touchscreen එකකින් යුතු මෙම දුරකථනය 74.5% screen to body rati එකක් සහ 269 ppi density එකක් වගේම 720×1440 පික්සල් අගයකින් යුතු වනවා.

Redmi-Y2-features-techie

Qalcomm snapdragon 625 chipset එකකින් සහ Octa-core 2.0 GHz Cortex A53 CPU එකක් වගේම Adreno 506 GPU එකකින් බලගැන්වෙන මෙහි ධාවනය වන මෙහෙයුම් පද්ධතිය වන්නේ Android Oreo 8.1 මෙහෙයුම් පද්ධතියයි.

Camera ගැන කතා කලොත් rear camera එක 12MP සහ 5MP (f/2.2, 1.25um) වශයෙන් camera දෙකකින් සමන්විත වන අතර 1080p@30fps දක්වා video පටිගත කිරීමට හැකියාව පවතිනවා. මෙහි 1.25μm තරමේ විශාලත්වයක් ඇති pixel බාවිතා කරන නිසාවෙන් ඔයාට අඩු ආලෝක තත්ත්වයක් යටතේ වුණත් ඉතාමත් හොඳ තත්ත්වයේ photo එකක් ගන්න හැකියාවක් ලැබෙනවා.

Redmi-Y2-Camera-bockeh-effect-techie

මේ camera එකේ ගන්න පුළුවන් bokeh effect එක එහෙමත් නැත්තම් අපි photo එකක් ගත්තම ඒකේ අපිට ඕන කොටස වඩාත් පැහැදිළිව තියෙද්දී background එක blur කිරීමට ඇති හැකියාව ගැන මෙයාලා විශේෂයෙන් සඳහන් කරලා තියනවා. විශේෂයෙන්ම AI බාවිතා කරලා ඉතාමත් නිවැරදි ආකාරයේ bokeh effect එකක් ලබාගන්න මේ camera එක හරහා ඔයාට අවස්ථාව ලැබෙනවා.

Redmi-Y2-Beautify-4-techie

ඒ වගේම front camera එක 16mp හා LED flash light එකකින් යුතු වනවා. මේකෙදිත් AI බාවිතා කරලා අපේ පෙනුම ගොඩක් ලස්සන කරන්න පුළුවන් ආකාරයේ Beautify 4.0 කියලා technology එකක් මෙහි අන්තරගත වෙනවා. එහිදී ඔයාගේ වයස, ස්ත්‍රී-පුරුෂ භාවය වගේ දේවල් බාවිතා කරලා මුහුණේ හැඩයට ගැලපෙනම algorithm එක තෝරගන්න මේකට හැකියාව තියනවා. ඒ වගේම අංශක 79.8° wide-angle lens එකකින් මේක සමන්විත වෙන නිසා group selfie ගන්න ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

Redmi-Y2-wide-angle-selfie-techie

ඒ වගේම ඔයාලට මතක ඇති Android P වල එන්න නියමිත guestures system එක. අන්න ඒකට සමාන guestures system එකකුත් මේ Redmi Y2 එකත් එක්ක එනවා. මේකත් එක්ක ඔයාට home screen එකට යන්න, recent apps බලන්න, පසුපස screen එකට යන්න වගේම ඔයාට කැමති app action එකක් බාවිතා කරන්නත් මේ guestures බාවිතා කරන්න පුළුවන්. ඒ වගේම Face Unlock system එකකුත් මෙහි අන්තර්ගත වෙනවා.

Redmi-Y2-features-2-techie

ඒ වගේම 64GB Storage + 4GB RAM සහිත model එකක් හා 32GB Storage + 3GB RAM සහිත model එකකුත් වශයෙන් නිකුත් වන මෙය සතුව non-removable Li-po 3080mAh battery එකක් අඩංගු වනවා.

ඉතින් මන් හිතනවා මේ සැරෙත් Xiaomi ල අපි ගෙවන මුදලට උපරිම වටිනාකමක් දීල තියනවා කියලා.