Microsoft සමාගම විසින් ඔවුන්ගේ Your Phone කියන app එක මීට ටික කාලයකට කලින් Windows 10 Insider version එක භාවිතා කරන්නන්ට නිකුත් කර පරීක්ෂා කරන්නට කටයුතු කළා සමහර විට ඔබට මතක ඇති.

ඔන්න දැන් මේ Your Phone app එක Windows 10 සාමාන්‍යය (stable) version එකක් භාවිතා කරන්නන්ට ලබාගතහැකි ලෙස නිකුත් කරන්නට මොවුන් කටයුතු කර තිබෙන අතර ඔයා Windows 10 April 2018 Update එක ලබාගෙන තිබෙනවා නම් මේ app එක Microsoft Store එක හරහා download කරගන්නට හැකියාව තිබෙනවා.

මෙම App එක හරහා දැනට Android ජංගම දුරකථන පමණක් සම්බන්ධ කළහැකි වන අතර මේ මගින් ඔබගේ පරිඝනකයේ ඇති photos ආදිය සෘජුවම ජංගම දුරකථනයට drag & drop කිරීම මගින් send කළ හැකි වෙනවා.

මීට අමතරව මෙම app එකට text messages sync කිරීමේ පහසුකමත් එකතු කිරීමට Microsoft ආයතනය බළාපොරොත්තු වන අතර මෙම app එක මීළඟට නිකුත් වීමට තිබෙන Windows 10 Redstone 5 update එකේදී නිකුත් කිරීමට ඔවුන් බළාපොරොත්තුවෙන් සිටියත්, එතෙක් බලා නොසිට Android භාවිතා කරන්නන් හට මෙය දැන් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම මේ Your Phone app එක iPhone සඳහා සහාය දැක්වීම පිළිබඳව කලින් නිවේදනයක් නිකුත් කර තිබුණත්, iPhone එකක සිට PC එකකට text messages, photos සහ notification sync කිරීමට ඇති තාක්ෂණිය බාධාවන් හේතුවෙන් එම උත්සාහය අතහැර දැමීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

ඉතින් ඔයා Android Phone එකක් භාවිතා කරනවා නම් මේ Your Phone app එක භාවිතා කරන්න දැන් ඔයාට අවස්ථාව තිබෙනවා.