Android Oreo නිකුත් කළ කාලයේ Night Light කියන feature එක සහ automatic Wi-Fi wakeup එහෙමත් නැතිනම් ඔයාගේ location එක අනුව automatically WiFi on වීමේ පහසුකම Android Oreo නිකුත් කළ සෑම devices එකකටම ලබා දුන්නේ නැති බව විශේෂයෙන්ම Nexus 5X හෝ Nexus 6P devices භාවිතා කරපු අයට මතක ඇති.

මේ අනුව network quality එක වැඩි WiFi network එකක් ඔයාගේ devices එකේ save වෙලා තියනවා නම්, අදාල තැනට ගිය පසු ජංගම දුරකථනය මගින් ස්ව්‍යංක්‍රීයවම WiFi turn on කරගැනීමට කටයුතු කරනවා.

උදාහරණයක් ලෙස ඔයා Office එකේ WiFi network එකට connect වෙලා තියනවා නම්, එහි network quality එක හොඳයි නම්, ඊළඟ දවසේ ඔයා ආයෙත් Office ආවම WiFi on කිරීම ගැන වද වෙන්න වුවමනා වෙන්නේ නැහැ. ඔයා Office එකට එනවත් එක්කම ඔයාගේ ජංගම දුරකථනය විසින් ස්ව්‍යංක්‍රීයවම WiFi on කරගෙන අදාල WiFi network එකට connect වෙනවා.

මේ පහසුකම තමන්ගේ Google Pixel devices වලට ලබා දීමට Google සමාගම කටයුතු කලත් Nexus 5X මෙන්ම Nexus 6P devices වලට මෙන්ම බොහෝමයක් Android Oreo update එක ලැබුණු devices වලට ලබා දුන්නේ නැහැ.

Root කරන ලද Android Oreo විසින් බලගැන්වෙන ජංගම දුරකථන හිමියන්ට මෙය manually වෙනස් කරගැනීමට ක්‍රමයක් තිබුණත් අළුත් ජංගම දුරකථන භාවිතා කරන බොහෝමයක් දෙනා විවිධ හේතු මත තම දුරකථන root කිරීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ.

කොහොම නමුත් මේ පහසුකම Android Pie වලදී සියළුම devices වලට ලබා දීමට Google සමාගම තීරණය කර තිබෙනවා.

මේ පහසුකම වැඩ කරන විදිහ ගැන සරළව කියනවා නම්, Android Oreo වල තිබෙන WiFi scanning කියන පහසුකම Location service එක හා සම්බන්ධ කරගනිමින් ඔයා දැනට ඉන්න location එකට අදාල වන WiFi networks ඇති දැයි පරීක්ෂා කර බලනවා.

ඒ වගේම ඔයා කළින් connect වෙලා තියන WiFi network ටික Network rating provider කෙනෙක් හරහා quality එක check කරගෙන ඒ අතරින් network quality එක වැඩිම network එකට connect වීමට මේ පහසුකමට හැකියාව තියනවා. කොහොම නමුත් Android Pie වලදී මේ Network rating provider කෙනෙකුගේ වුවමනාව ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙන නිසාවෙන් එය Android Pie වලදී වැඩ කරන ආකාරය තවමත් පැහැදිලි නැහැ.

මේ වෙනකොට බොහෝමයක් ජංගම දුරකථන වලට Android Oreo update එක ලබා දීමට නිෂ්පාදකයින් කටයුතු කර තිබෙන නිසාවෙන්, ඔයාගේ ජංගම දුරකථනයේත්

Settings -> Network & Internet -> Wi-Fi -> Wi-Fi Preferences -> Turn on Wi-Fi automatically

කියන option එක හරහා මේ පහසුකම තියනවා නම් ඒක enable කරගන්න පුළුවන්. සමහර අවස්ථා වලදී මේ පහසුකම භාවිතා කිරීමට නම් Wi-Fi Preferences වලම තිබෙන Network rating provider තුලින් Google යනුවෙන් select කිරීමට සිදු වෙනවා.

ඒ වගේම මම උඩින් සඳහන් කරන ලද option එක දැකගන්න ලැබෙන්නේ නැතිනම්, ඔයාගේ දුරකථනය root කරලා තියනවා නම් මේ option එක manually enable කරගන්නත් ඔයාට පුළුවන්.

මේ සඳහා ඔයාගේ පරිගණකයේ ADB install කර හෝ දුරකථනයේ terminal emulator app එකක් තිබිය යුතු වන අතර දුරකථනය root කර තිබිය යුතු වෙනවා.

android-o-turn-on-wifi-automatically-for-root-users-tech-news-sinhala

  • Command Prompt/Terminal Emulator එක open කර එහි adb shell යනුවෙන් type කර enter කරන්න
  • ඉන්පසු settings put global wifi_wakeup_available 1 යන command එක type කර enter කරන්න
  • එයින් පසුව settings put global wifi_wakeup_enabled 1 යන විධානය type කර enter කිරීමෙන් මේ පහසුකම enable කරගැනීමට හැකියාව ලැබෙනවා.