SSD කියන්නේ සාමාන්‍යය Hard Disk Drive එකකට වඩා බොහොම වේගවත් storage media එකක් බව මේ වෙනකොට හැමෝම දන්නවා.

පසුගිය දිනකදී අඩු මිළ 4TB ප්‍රමාණයේ SSD නිෂ්පාදනය කිරීම පිළිබඳව Samsung සමාගම විසින් නිවේදනයක් නිකුත් කළා ඔයාලා දකින්න ඇති. කොහොම නමුත් ඔවුන් මෙහි මිළ ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටි අතර දැනට වෙළඳපලේ තිබෙන 4TB 860 Evo එකක නම් මිළ නියම කරලා තිබෙන්නේ ඇමෙරිකානු ඩොලර් 1,000 කට වඩා වැඩි ගණනක් වෙනවා. මේ අතර සාමාන්‍යය 4TB HDD එකක් ඩොලර් 100ක් වැනි මුදලකට මිළදීගතහැකි වෙනවා.

කොහොම නමුත් මේ මිලෙහි වෙනස වගේම performance level එකෙත් විශාල වෙනසක් මේ තාක්ෂණයන් දෙක අතර තියන බව අමුතුවෙන් සඳහන් කරන්න වුවමනා වෙන්නේ නැහැ.

මේ අළුත් SSD එකක් තුල 128GB chips 32ක් අන්තර්ගත වන අතර reading speed එක සහ writing speed එක 540MB/s පමණ වන බව ඔවුන් ප්‍රකාශ කරනවා.

පිළි‍වෙලින් 1TB, 2TB SSD හඳුන්වාදීමට කටයුතු කළ Samsung සමාගම මේ වසරේ අග භාගයේදී laptop වලට ගැලපෙන 4TB SSD නිෂ්පාදනය කිරීමටද සූදානම් වෙනවා. එමෙන්ම මේ වසර තුලදීම M.2 NVMe SSD නිෂ්පාදනය කෙරෙහිද අවධානයක් යොමු කරනු ලබන බව වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා