පසුගිය දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වුණු මාතෘකාවක් තමයි මේ GitHub එක Microsoft සමාගම විසින් මිළදී ගැනීම කියන එක. මේ මිළදීගැනීමත් සමඟ GitHub එක පිළිබඳව විවිධ මතිමතාන්තර බොහෝ දෙනෙක් පැවසුවත් ඔන්න දැන් තත්ත්වය හොඳ අතට හැරෙන ලකුණු පහළ වෙලා තිබෙනවා.

Microsoft කියන්නේ ඉස්සර ඉඳන්ම free & open-source වලට අතහිත දක්වන ආයතනයක් වගේම බොහොමයක් open-source foundations වලට මිළ මුදලින් ආධාර කරන ප්‍රධාන ආධාරකරුවෙක් කියන එක බොහෝ දෙනෙක් හොඳටම දන්නවා.

microsoft-imagine-techie

ඒ වගේම Microsoft එක තමන්ගේ product අතරින් Operating system එකේ සිට developemt tools දක්වා සෑම අත්‍යවශයය මෘදුකාංගයක්ම පාහේ නොමිළයේ ලොව පුරා සිටින ශි්‍ය්‍යයන්ට ලබාදෙන බවත් නොරහසක්. Dreamspark නමින් හැඳින්වුණු මෙම ව්‍යාපෘතිය දැන් Microsoft Imagine කියන නමින් හඳුන්වනවා.

මේ හා සමගාමීව ඔන්න දැන් ඔන්න GitHub එකෙත් Student developer pack නමින් තිබුණු subscription එකත් ඇතුළුව, GitHub Education යන නමින් හඳුන්වන package එක සියළුම පාසැල් වලට සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබා දීමට කටයුතු කරනවා. මේ සඳහා ඕනෑම පාසලකට අයදුම් කළ හැකි අතර හැකි ඉක්මණින් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට ඔවුන් කටයුතු කරන බව වැඩිදුරටත් ඔවුන් පවසා සිටිනවා.

Githu-enterprise-techie

මේ අළුත් package එකට Student Developer Pack එක වගේම GitHub Classroom තියන එකත් ඇතුලත් වෙනවා. ඒ වගේම GitHub Enterprise කියන subscription එකට අයිති සියළුම features මේ package එකට අයිති වෙනවා.

ඉතින් ඔයාගේ පාසලටත් මේ සේවාව ලබාගන්න ඔයා කැමති නම් පහළින් දැක්වෙන page එක හරහා එය ලබාගැනීමට අවස්ථාව තිබෙනවා. මේ සඳහා අදාල පාසල විසින් අයදුම් කළයුතු අතර එයට කොන්දේසි කිහිපයක් ද අදාල වෙනවා.

Get GitHub Education for your school