පසුගිය වසරේ නිවේදනය කළ පරිදි Microsoft සමාගම සහ Amazon සමාගම ඔවුන්ගේ Digital Assistant සේවාවන් දෙක වන Cortana සහ Alexa එකිනෙකා හා සම්බන්ධ කිරීමට කටයුතු මේ සතිය ඇතුලත සිදු කරනු ලබන බව දැනගන්නට ලැබෙනවා.

cortana-integration-with-alexa-tech-news-sri-lanka

මේ අනුව මෙතෙක් කල් Cortana හෝ Alexa පමණක් භාවිතා කිරීමට හැකියාව ලැබී තිබුණු devices වලදී මෙම digital assistant ලා දෙදෙනාම භාවිතා කිරීමට මින් ඉදිරියට හැකියාව ලැබෙන අතර Amazon Echo device එකකදී,

"Alexa, open Cortana"

යනුවෙන් පැවසීමෙන් Cortana භාවිතා කිරීමටත්, Windows 10 device එකකදී,

"Hey Cortana, open Alexa"

යනුවෙන් පැවසීමෙන් Amazon Alexa භාවිතා කිරීමටත් හැකියාව ලැබෙනවා.

මේ assistant ලා දෙදෙනාගේ එකතු වීම මගින් Windows හා Office වලට සම්බන්ධ කටයුතු වලදී Cortana ගේ විශේෂ හැකියාවන් භාවිතා කිරීමටත්, Smart home වැනි කටයුතු වලදී Alexa ගේ විශේෂ පහසුකම් භාවිතා කිරීමටත් මෙම devices හිමිකරුවන්ට අවස්ථාව ලැබෙනවා.

තවමත් මේ එකතුව මගින් සියළුම සේවාවන් ලබා දීමට හැකියාවක් නැති බවත් කාලයත් සමඟ music streaming වැනි සේවාවන් පවා මෙයට එකතු කර වැඩිදියුණු කිරීමට Amazon සහ Microsoft සමාගම බළාපොරොත්තු වන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.