Instagram කියන්නේ මේ වෙනකොට බොහොම ජනප්‍රිය platform එකක් වෙලා. ඒ වගේම මේ වෙනකොට ඔවුන්ගේ සාමාජිකයින් සංඛ්‍යාව බිලියනය ඉක්මවා ඇති බව පසුගිය ජුනි 19 වැනිදා පැවති event එකකදී ඔවුන් ප්‍රකාශ කර සිටියා.

instagram-igtv-event-techie

ඒ වගේම මේ event එකේදි ඔවුන් එළිදැක්වූ තවත් විශේෂ දෙයක් තමයි ඔවුන්ගේ මේ IGTV කියන අළුත්ම video platform එක. ඔවුන්ගේ බහුතරයක් සාමාජිකයින් smartphone හරහා සම්බන්ධ වන බැවින් මේ platform එක හරහා තිරස් අතට තිබෙන video වලට ප්‍රමුඛස්ථානයක් ලබාදෙන අතර වීඩියෝවක් උපරිමය පැයක කාලයක් දක්වා නොමිලයේ upload කිරීමටද අවස්ථාව ලබාදී ඇත.

igtv-EntryPoint-techie

මේ සේවාව TV එකක ක්‍රමයට නිර්මාණය කිරීමට ඔවුන් උත්සාහ කර තිබෙනවා. ඒ කියන්නේ ඔයා මේ app එක open කළ විටම videos play වීමට පටන් ගන්නවා. ඒ වගේම මීළඟට අපි TV එකේ channels මාරු කරන ආකාරයට වෙනත් video වලට මාරු වීමට ඔබට අවස්ථාව ලැබෙනවා. මීට අමතරව “For You,” “Following,” “Popular” සහ “Continue Watching.” යනුවෙන් video තෝරාගත හැකි sections 4ක් ඇති අතර එහිදී ඔබගේ රුචි-අරුචිකම් අනුව videos තෝරාගත හැක.

igtv-Watch-techie

ඒ වගේම සාමාන්‍යයයෙන් ඔබ Youtube වලදී like සහ comment කරන ආකාරයට මෙහිදී ද like හෝ comment කිරීමට හැකියාව ඇති අතර යහළුවෙකුට direct message එකක් ආකාරයට video එකක් send කිරීම ද පහසුකම සළසා ඇත. එමෙන්ම මීට අමතරව තමන්ගේම channel එකක් පවත්වාගෙන යාමටද අවස්ථාව හිමිවේ.

igtv-ChannelProfile-techie

දැනට මෙම සේවාව Android සහ iOS වලට ලබාදී ඇති අතර පහත සඳහන් කර ඇති link භාවිතයෙන් හෝ Google Play හෝ App Store තුල search කිරීමෙන් හෝ ඔබට මෙම app එක install කරගැනීමේ හැකියාව ඇත.

Download IGTV on Google Play | Download IGTV on iTunes