මේ වෙනකොට Microsoft එක විසින් එයාලාගේ Windows 10 මෙහෙයුම් පද්ධතියේ පෙනුම Modern විදිහට වෙනස් කිරීමට ලොකු උත්සාහයක් දරණවා ඔයාලාට පෙනිලා ඇති. Operating system එකේ හැම තැනම තිබෙන පොඩි පොඩි කොටස් පවා මේ වෙනකොට වෙනස් කරගෙන යන්නට ඔවුන් සමත් වෙලා තිබෙනවා.

how-to-use-the-old-volume-control-interface-in-windows-10-april-2018-update-techie

මේ විදිහට ඉතින් ඔන්න අපි නිතරම භාවිතා කරන volume control UI එකත් fluent design එකට අනුව වෙනස් කරලා තිබෙනවා. නමුත් ගොඩ දෙනෙක් මේ අළුත් design එකට ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් ඔයත් මේ අළුත් පෙනුමට වඩා පරණ පෙනුමට කැමති කෙනෙක් නම්, දැන් කියලා දෙන්න යන පොඩි trick එකෙන් ඒ පරණ පෙනුම නැවතත් ලබාගන්න පුළුවන්.

old-volume-control-interface-in-windows-10-april-2018-update-techie

මේ සඳහා ඔයා Administrator account එකකින් ඔයාගේ PC එකට Login වෙලා ඉන්න ඕන.

  1. Win key + R එකවර press කර Run dialog එක ලබා ගන්න
  2. එහි regedit ලෙස type කර registry editor එකට පිවිසෙන්න
  3. ඉන්පසුව පහත දැක්වෙන address එකට අදාල menu භාවිතා කර ලඟා වෙන්න

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\MTCUVC

  1. යම් හෙයකින් එම key එක සොයාගැනීමට ඔබට නොහැකි වුණි නම්, පහත් දැක්වෙන ස්ථානයේ එක key එක නිර්මාණය කරන්න

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion

  1. CurrentVersion යන folder එකෙහි right click කර New -> Key යන්න තෝරා එහි නම ලෙස MTCUVC යනුවෙන් ඇතුලත් කරන්න.
  2. අළුතින් නිර්මාණය කරන ලද key එක උඩ right click කර අළුත් DWORD 32-bit value එකක් නිර්මාණය කරන්න. එහි නම ලෙස EnableMtcUvc ලෙස යොදා value එක ලෙස 0 යොදා save කරන්න

දැන් registry editor එකෙන් ඉවත් වී වෙනස්කම සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බලන්න. මේ සඳහා system reboot කිරීමක් හෝ explorer process එක kill කිරීමට අවශ්‍යයතාවයක් නොමැති අතර ඔබට නැවතත් අළුත් UI එකට මාරු වීමට අවශ්‍යය නම් කළ යුතු වන්නේ EnableMtcUvc එකට යෙදූ value එක, 1 ලෙස මාරු කිරීම පමණි.

කෙසේ වෙතත් අළුතින් එන update වලදී මෙම ක්‍රමය මගින් UI එක වෙනස් කර ගැනීමටද නොහැකි වීමට ඉඩ ඇත. නමුත් මේ වන විට මේ trick එක හොඳින් වැඩ කරයි.