මීට කලින් article එකකින් වාරණය කරන ලද Search පහසුකමක් Google සමාගම විසින් චීනයේ නැවත එළිදක්වන්නට කටයුතු කරමින් පවතින බව සඳහන් කළා මතක ඇති.

අන්තර්ජාලය තුල මේ වන විට තිබෙන තොරතුරු ප්‍රමාණය අනුව මේ search results වාරණය කිරීම මිනිසුන් යොදවලා කරන්න පුළුවන් දෙයක් නොවන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් Google සමාගම මේ වෙනුවෙන් machine learning භාවිතා කරන්නට කටයුතු කර ඇති අතර එ් සඳහා අවශ්‍යය වන දත්ත ලබාගැනීම සඳහා Google සමාගමට අයිති වන වෙනත් චීන වෙබ් අඩවියක් භාවිතා කර ඇති බව වාර්ථා වෙනවා.

google-search-term-blacklist-tech-news-sinhala

කලින් ලිපියෙහි සඳහන් කළ විදිහට Google සමාගම චීනය තුළ ඔවුන්ගේ සේවාවන් සියල්ලම පාහේ නවතා දැමුවත්, 265.com කියන වෙබ් අඩවිය වසා දැමීමට කටයුතු කර තිබුණේ නැහැ.

මේ 265.com කියන්නේ 2003 වර්ෂයේදී චීන ජාතික Cai Wensheng විසින් ආරම්භ කරනු ලැබූ වෙබ් අඩවියක් වන අතර, මෙය 2008 වර්ෂයේදී Google සමාගම විසින් මිළට ගනු ලබනවා.

මේ වෙබ් අඩවියෙහි search කිරීමේ පහසුකම ඇතුලත් වුණත් මෙය search engine එකක් සහිත වෙබ් අඩවියක් නම් නෙවෙයි. කිසියම් පුද්ගලයෙකු මේ වෙඩ් අඩවියේ යමක් search කිරීමට කටයුතු කළ විට, එම පුද්ගලයා ඇතුලත් කරනු ලබන චවන ටික Baidu කියන ප්‍රසිද්ධ චීන වෙබ් අඩවිය වෙත යොමු කරනු ලබන අතර, අදාල දත්ත රහසේම save කරගන්නට මේ වෙබ් අඩවිය කටයුතු කර තිබෙනවා.

Baidu කියන්නේ චීනයේ තිබෙන ප්‍රධානතම Search Engine එක කිවුවොතින් ඒක නිවැරදියි. ඒ වගේම මේක නිර්මාණය කරලා තියෙන්නේ චීන රජයේ වාරණයන්ට අදාල වන නීතිරීති වලට අනුකූලවයි. ඉතින් චීන රජය විසින් තහනම් කර තිබෙන දෙයක් මේ හරහා search කලොත්, එන result එක බොහෝ වෙලාවට අදාල නැති විදිහේ දෙයක් වෙනවා.

මේ වෙබ් අඩවිය හරහා Tiananmen Square massacre ගැන search කලොත් ඔයාට දකින්න ලැබෙන්නේ එය පිටරැටියන් විසින් ගොතන ලද බොරුවක් වැනි දේවල් අඩංගු වන search results ටිකක් වෙනවා.

කොහොම නමුත් Google සමාගම විසින් මම කලින් සඳහන් කරපු මේ 265.com කියන වෙබ් අඩවිය හරහා 2008 වර්ෂයේදී සිට එකතු කරන ලද දත්ත, චීනය වෙනුවෙන් නිර්මාණය කරනු ලබන අළුත් search පහසුකම වැඩිදියුණු කිරීමට යොදාගත් බව මේ වන විට දැනගන්න ලැබෙනවා.