Bluetooth හරහා වැඩ කරනු ලබන ශ්‍රවණාධාර කට්ටලයන් මේ වන විට iPhones සමඟින් හොඳින් වැඩ කළත්, තවමත් Android සඳහා සහාය දක්වන්නේ ඉතාමත් අවම මට්ටමකින්.

Android devices වල පවතින විවිධත්වය නිසා මේ ශ්‍රවණාධාර කට්ටලයන් නිෂ්පාදනය කිරීමට ඉතාමත් අපහසු බව අදාල නිෂ්පාදකයින් පෙන්වා දෙන අතර මේ හේතුවෙන් Android ජංගම දුරකථන වලට සහාය දක්වන ශ්‍රවණාධාර කට්ටලයන් මේ වන විට ඉතාමත් ජනප්‍රියත්වයෙන් අඩු දෙයක් බවට පත් වී තිබෙනවා.

නමුත් මේ ප්‍රශ්ණයට පිළිතුරක් වශයෙන් Google සමාගම විසින් මේ ශ්‍රවනාධාර ලබා දෙන devices වලට සහාය දැක්වීම සඳහා Android මෙහෙයුම් පද්ධතියටම අන්තර්ගත කරන ලද සේවාවක් ලබා දීමට සූදානම් වෙනවා.

google-is-developing-native-hearing-aid-support-for-android-tech-news-sri-lanka

මේ වෙනුවෙන් GN Hearing කියන ආයතනයත් සමඟින් එක්ව කටයුතු කරන Google සමාගම battery power එක ආරක්ෂා කරගනිමින් අවම latency එකකින් යුක්තව හොඳ තත්ත්වයේ audio quality එකක් ලබා ගැනීමට හැකි ලෙස ASHA එහෙමත් නැතිනම් Audio Streaming for Hearing Aids යන නමින් Android ජංගම දුරකථනයක් නිෂ්පාදනය කරමින් පවතිනවා.

ඉතින් මේ නිෂ්පාදනය වෙළඳපොලට පැමිණීමෙන් පසුව අපි headphones භාවිතා කර සාමාන්‍යය ලෙස Music වලට සවන්දෙනවාක් මෙන් මේ ශ්‍රවණ ආබාධ සහිත පුද්ගලයින්ට අදාල devices භාවිතා කිරීමට හැකිවේවි යැයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලබනවා.