මේ වන විට සමාජ ජාල හරහා ප්‍රචාරය වෙන ප්‍රවෘත්ති අතර බොහෝ වෙලාවට ව්‍යාජ ප්‍රවෘත්ති අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඒවා හිතුමතේ share කිරීම නිසා මේ තත්වය තවදුරටත් බරපතල අතට හැරෙනවා.

photoshopped_iran_missile_launch-techie

ඔන්න ඉතින් මේ කාරණාව හේතු කරගෙන Adobe සමාගම artificial intelligence බාවිතා කරමින් මේ edit කරන ලද photos හෝ videos ඉක්මණින්ම හඳුනාගතහැකි ක්‍රමයක් ගැන පරීක්ෂණ කරමින් පවතිනවා.

CVPR එහෙමත් නැත්නම් computer vision conference කියන event එකේදී මේ පිළිබඳව වූ පරීක්ෂණ වල නවතම ප්‍රතිඵල ඉදිරිපත් කිරීමට Adobe සමාගම කටයුතු කළා. මේ අනුව සළකා බැලූ කළ නීතිමය කටයුතු සඳහා digital සාක්ෂ්‍යය එකතු කිරීමට නුදුරු අනාගතයේදී මිනිසුන් වෙනුවට machine යොදාගැනීමට හැකි බවත්, ඒ සඳහා ගත වන කාලය විශාල වශයෙන් අඩුකරගත හැකි බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

Adobe-fake-image-recognition-techie

මෙම ව්‍යාපෘතියට අදාල research paper වලට අනුව මේ පද්ධතිය විසින් images මෙහෙයවීම හා අධීක්ෂණය උදෙසා ප්‍රධාන වශයෙන් ක්‍රම 3ක් බාවිතා කරනවා.

  • Splicing - images දෙකක කොටස් දෙකක් එකතු වීමේදී ඇති වන තත්ත්වයන්
  • Cloning - යම් වස්තුවක් copy/paste කළ විට ඇති වන තත්ත්වයන්
  • Removal - අදාල image එකෙහි කොටස් ඉවත් කළ විට ඇති වන තත්ත්වයන්

ඉතින් අනෙකුත් හැම machine learning ව්‍යාපෘතියකදී වගේම මේකෙදිත් මේ edit කරන ලද photos විශාල ප්‍රමාණයක් ලබාදී ඒවා අතර රටා හඳුනාගැනීම මගින් තමයි මේ process එක වැඩිදියුණු කිරීමට උත්සාහ ගන්නේ. ඒ නිසාවෙන් තාමත් මේ පද්ධතියට ඉතාමත් සූක්ෂම ආකාරයට edit කරන ලද photos හඳුනාගැනීමට හැකියාවක් නැහැ.

මෙම පරීක්ෂණ වල ප්‍රතිඵලයන් තවමත් වාණිජ මට්ටමේ prodcut එකක් නිර්මාණය කර නැතත්, Image editing වලට ලොව ප්‍රසිද්ධම ආයතනය විසින් මේ කටයුත්තට අත ගැසීමෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසාන කිරීම ගැන ධනාත්මක බළාපොරොත්තුවක් තබන්නට පුළුවනි.

Source: The Verge