OnePlus යනු දීර්ඝ කාලීනව smartphone නිෂ්පාදනයේ නියැළුනු ආයතනයක් නොවන අතර, මෙම සමාගම 2013 දෙසැම්බර් මස 16 වන දින ආරම්භ කරන ලද්දේ OPPO ඉලෙක්ට්රොනික් සේවකයෙකු වූ පීට් ලූ විසිනි.

මෙම සමාගම චීනයේ Shenzhen වලින් ආරම්භ වී 2016 මාර්තු මස වන විට ලෝකය පුරා රටවල් 43 ක නියෝජිතයන් පිරිසක් සිටින ආයතනයක් බවට පත් වීමට සමත් විය.

මේ OnePlus සමාගම OPPO හි අනුබද්ධිත සමාගමක් බවට පැතිර ගිය රාවය මුලින්ම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කලත්, චීන රජයේ ලියකියවිලි අනුව එය පූර්ණ වශයෙන්ම OPPO හි අනුබද්ධිත ආයතනයක් බවට අනාවරණය විය. එමෙන්ම OPPO හි අයිතිය BBK Electronics කියන චීන බහුජාතික සමාගම සතු වන බැවින් සැබැවින්ම මෙම OnePlus සමාගම අයිති වන්නේ BBK Electronics කියන ආයතනයට බව පසුව අණාවරණය විය.

oneplus-pete-lau-techie

OnePlus ආයතනය තම වෙළඳ කටයුතු සඳහා වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිතා කිරීම හේතු කොටගෙන ඔවුන් Amazon වැනි පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙන retail markets හරහා තම නිෂ්පාදන අලෙවි කිරීමට කටයුතු කළ අතර චීනය තුලදී ඔවුන්ගේම online store එකක් භාවිතා කරමින් ඔවුන්ගේ බෙදාහැරීම් කටයුතු කරගෙන යාමට ඔවුන් කටයුතු කළා.

OnePlus-One-Cyanogen-techie

මූලික වශයෙන් ඇමෙරිකානු මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් වුණු CyanogenMod සමගින් එකඟතාවයකට පැමිණි ඔවුන්, CyanogenMod OnePlus හි මෙහෙයුම් පද්ධතිය ලෙස බාවිතා කරන්නට යෙදුණු අතර පසු කාලීනව OnePlus විසින් තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් වන Oxygen OS එක නිර්මාණය කරන ලදී. ඒ සමඟම සියළු පැරණි මාදිලි වලිනුත් CyanogenMod ඉවත් කර Oxygen OS වලට යාවත්කාලීන කරන ලදී.

oxygenOS-oneplus-techie

පහතින් දැක්වෙන්නේ මේ වන විට නිකුත් වූ OnePlus ජංගම දුරකථන කිහිපය යි.

  • OnePlus One
    Codename "bacon" | unveiled on 23 April 2014 | international release: 6 June 2014

  • OnePlus 2
    Codename "oneplus2" | unveiled on 27 April 2015 | international release: 11 August 2015

  • OnePlus X
    Codename "onyx" | unveiled on 29 October 2015 | international release: 5 November 2015

  • OnePlus 3
    Codename "oneplus3" | unveiled on 14 June 2016 | international release: 14 June 2016

  • OnePlus 3T
    Codename "oneplus3t" | unveiled on 15 November 2016 | international release: 28 November 2016

  • OnePlus 5
    Codename "cheeseburger" | unveiled on 20 June 2017 | international release: 27 June 2017

  • OnePlus 5T
    Codename "dumpling" | unveiled on 16 November 2017 | international release: 21 November 2017

  • OnePlus 6
    Codename "enchilada" | unveiled on 16 May 2018 | international release: 22 May 2018

නිෂ්පාදන සහ වර්ධනය

2014 April 23 වන දින මෙම සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පළමු දුරකතනය වන්නේ OnePlus One ජංගම දුරකථනයයි. සමාගම පිහිටුවා මාස කීපයකට පසුව එය සිදු අතර එහි මිළ හා specifications නිසාවෙන් ආක්‍රමණශීලී ජංගම දුරකථනයක් ලෙස ලොව පුරා වේගයෙන් ප්‍රචලිත විය.

oneplus-one-price-flagship-killer-techie

මූලිකව මෙම devices 50,000 ක් විකිණිමට ඔවුන්ගේ බළාපොරොත්තුව වී තිබූ නමුත් එව වසර අවසාන වන විට ඔවුන් මේ මාදිලියෙන් devices මිලියනය ඉක්මවා අලෙවි කිරීමට සමත් විය.

එමෙන්ම OnePlus 2, 2015 ජූලි මාසයේ දී ඔවුන්ගේ රටෙහි දී එළිදැක්වුණු අතර 2015 අගෝස්තු මාසයේ ජාත්යන්තර නිකුතුව ප්‍රකාශයට පත් කරන ලදී. පසුව සෑම වසරකම පාහේ Flagship Killer යන අන්වර්ථ නාමයක් ද එයට හිමි විය.

වර්තමානය වන විට මෙම OnePlus ජංගම දුරකථන සඳහා ලෝකයේ බහුල ඉල්ලුමක් ඇති අතර අද වන විට මෙය මුළුමහත් ලෝකය පුරාම වඩාත් ප්‍රචලිත ජංගම දුරකථන මාදිලියකි.