ඔයාලා හැමෝම මේ වෙනකොටත් දන්නවා ඇති රුසියාවේදී පසුගිය ජුනි 14 වෙනිදා 21 වෙනි FIFA World Cup එක පටන් ගත්තා. මේක ඉවර වෙන්නේ ලබන මාසේ, ඒ කියන්නේ ජූලි 15 වෙනිදා.

ඉතින් ගෙදර cable TV හෝ satalite TV තිබුණත්, match එකක් තියෙන හැම වෙලාවකම අපි ගෙදර ඉන්නේ නැහැ වගේම අපි හැමෝටම ඒවා ඇත්තෙත් නැහැ. සමහර විට Office එකේ, Bus එකේ එහෙමත් නැත්නම් lecture එකක ඉන්නවා වෙන්නත් පුලුවන්. ඉතින් මේ කියන්න යන්නේ කොහොමද මේක යන එන ගමන් හරි ගෙදර ඉන්න ගමන් හරි බලන්නේ කියලා.

Internet TV සේවාවක් හරහා subscription එකක් ගන්න පුළුවන් නම්, ඔයාට PC එකෙන් හරි mobile phone එකෙන හරි World Cup එක live බලන්න පුළුවන්. ඉතින් Hulu with Live TV, DirecTV Now, Fubo, සහ YouTube TV කියන සේවාවන් අපිට මේ විදිහට බාවිතා කරන්න පුළුවන්. ඔයාට මුදල් තියනවා නම් මේ ඕනම එකකින් මාසයක කාලයක් සඳහා මේ සේවාව මුදල් ගෙවලා ලබා ගන්න පුලුවන්.

ඒ වගේම මේ වගේ දෙයකට යොදවන්න තරම් ඔයාට මුදල් නැති නම්, ඔය මුලින් සඳහන් කරන ලද සෑම සේවාවකම trial එක සතියක කාල සීමාවකට ලබා ගන්න පුලුවන් ඒ වගේම PlayStation Vue එකෙන් තවත් දවස් 5ක trial subscription එකක් ලබාගන්න පුලුවන්. ඉතිින් මේ සේවාවන් සමඟ එකතු වී World Cup එක ඉවර වෙනකන් බලන්න නම් මේ සේවා එකින් එකට මාරු වෙන්නත් ඔයාට සිද්ධ වෙනවා.

oculus-go-hero-techie

මීට අමතරව World Cup ඉතිහාසයේ පළමුවෙනි වතාවට ඔයාට VR එහෙමත් නැත්නම් Virtual Reality පහසුකම හරහා World Cup එක නැරඹීමට දැන් අවස්ථාව ලැබිලා තියනවා. ඔයාට Samsung Geat VR එකක් හරි Oculus Go එකක් හරි තියනවා නම් පහත සඳහන් Match ටික VR හරහා අත්විඳින්නත් අවස්ථාව තියනවා.

  • Germany vs. Mexico game - ජුනි 17 වන දින 9:00 PM
  • Portugal vs. Morocco - ජුනි 20 වන දින 5:30 PM
  • Brazil vs. Costa Rica - ජුනි 22 වන දින 5:30 PM
  • England vs. Panama - ජුනි 24 වන දින 5:30 PM

ඉහත සඳහන් වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් දක්වා ඇති බව කරුණාවෙන් සළකන්න.

මේ පහසුකම ලබා දෙන්නේ Oculus Venue කියන සේවාව හරහා වන අතර ඒ ගැන වැඩි විස්තර ඔවුන්ගේ Official Blog එක හරහා දැනගන්න පුලුවන්.