පණ මෙන් වටින ලැප හරි ඇන්ඩ්රොයිඩ් ෆෝන් කට්ට හරි ඉස්සුවොත්? මං හිතන්නේ අම්ම ගහයි

හම්මහ්. මේකෙ ලස්සන බොල. (මං කිව්වෙ බ්ලොග් එකේ) ට්‍රික වර්ඩ් ප්‍රෙස් වලට මාරු කලාට පස්සෙ ලියන පළවෙනි එක. මම කල්පනා කොලා අළුතින් ලැප් කට්ටක් ගන්න. එක ගත්තට පස්සෙ ඇවිත් ලියන්න ගන්නව කියල හිතං හිටියට ඊට කලින් ලියන්ඩ ටිකක් වටින කියන භාණ්ඩයක් හම්බඋනා.

මම ඉතිං නිර්ධන පංතියෙ අහිසකයා. ලැප් එකක් කියන්නෙ මට ඉතිං ෂුහ්! කියන්න වචනත් නෑ. බොහොම අමාරුවෙන් ඔය බුද්ධිලට එහෙම දස වද දීල  යන්තම් තැනක් හොයාගත්ත ඒජන්ත වොරන්ටිය එක්කම අ‍රගන්න. දැන් ලැප් එක ගන්නම ඇප්ලයි කරපු ක්‍රෙඩිට් කාර්ඩි එක එනකං බලං ඉන්නව. මේ යකා මොනවද මේ කියවන්නෙ. කට්ටිය මගෙ පළු අරිනව ඇති. නෑ මං දැං මේ කියන්න හැදුවෙ මං කොච්චර අමාරුවෙන්ද මේක ගන්ඩ යන්නෙ කියල. ඉතිං අනික් උන්ටත් මං හිතන්නෙ එහෙම ඇති. මොකෑ අපි සල්ලි ගස්වලින් කඩනවයැ. ඉතිං මං හිතුව ලැපක් අළුතෙන් ගන්න ඉන්න උන්ටයි, අරන් පාවිච්චි කරන උන්ටයි, ගන්න කලින් ‍පොර ටොක්ස් දෙන මං වගේ උන්ටයි වැදගත් පොඩි  සොෆ්ට්වෙයා කෑල්ලක් ගැන කියන්න.

පොඩි කිව්වට මේක මරු භාණ්ඩෙ. පොලිසියෙ වැඩේ ගෙදර ඉඳන් කරල  ඔනෙමනම් හොරාව කන්ටැක්ට් පාරක් දාල  ගෙදරටම භාන්ඩෙ ගෙන්න ගන්න පුළුවන්.  දැනටමත් ඉතිං හුඟ දෙනෙක් දන්නව ඇති. කමක් නෑ නොදන්න උන් ටික දැනගත්තාවෙකො නේද?

හරි කයිය ගැහුව ඇති. සොෆ්ට්වෙයා එකේ නම තමයි PREY.‍ ඔක්කොටම කලින් අපි බාගෙන ඉමුකො. ආහ් කියන්න අමතක උණා. මේක බරගානක් වෙනව.  $00.00 :ඩී

පළමු ලින්ක් එකෙන් ගියාම PREY නොමිලේ ඔබේ ඩිවයිස් එකට භාගන්න අවශ්‍ය ලින්ක් එකත්, ‍PREY නිවැරදිව උපාංගයේ පිහිටුවා ගන්න කියාදෙන වීඩියෝ එකට ලින්ක් එකත් දැකගන්න පුළුවන්.දෙවැනි ලින්ක් එකේ  ඩිවයිස් එකට ගැලපෙන මෘදුකාංගය තෝරා ගන්න පුළුවන්. කැමති ලින්ක් එකකින් භාගන්න.

ඉන්සටෝල් කර ගැනීම, ඇක්ටිව් කර ගැනීම හා මෘදුකාංගය ක්‍රියාකරවීම ගැන තොරතුරු අතුලත් වීඩියෝ එක කලින් දාපු පළවෙනි ලින්ක් එකෙන් බලන්නත් පුළුවන්. එහෙම නැත්තන් පහළින් දාල තියෙන වීඩියෝ එකෙනුත් ඒ තොරතුරු  බලාගන්න ඔබට පුළුවන්.

එහෙනම් මේකෙ තියෙන ඔප්ෂන්ස් ගැන පුංචි හැඳින්වීමක් මම කරන්නම්

  • Geo – මේක තමයි වැදගත්ම එක. ඩිවයිස් එකේ තියෙන GPS මඟින් සහ ළඟම ඇති Wi-Fi සර්වරය සමඟ සම්බන්ධ වී  ඔයාගේ ලැප් එක හෝ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එක නැති උන වෙලේ සිට යන එන තැන් සියල්ලක්ම ඔබට රිපෝර්ට් වෙනව.
  • Network – මෙමඟින් සොරාගත් පුද්ගලයා විසින් භාවිතා කරනු ලබන අන්තර්ජාල සමබඳතා, IP ලිපිනයන්, සහ එම ඩිවයිස් එක මඟින් සම්බන්ධ වන Wi-Fi Access points වල  විස්තර ලබාදෙනව.
  • Session – මෙයත් වැදගත්. මෙමඟින් සොරාගත් උපකරණයෙන් විවිධ කාල වලදී ලබාගන්නා Screen Shots, උපකරණයේ වෙනස් කරන ලද දත්ත වල තොරතුරු සහ එම උපකරණයේ Run වෙන Programs මොනවද යන්න දැනගත හැකිය.
  • WebCam – හා…හා… මේ තියෙන්නෙ භාණ්ඩෙ.දැං පේන බලන්න යන්න ඕනවෙන්නෙ නෑ.මෙමඟින් ‍උපාංගය කියාත්මක කරනු ලබන අවස්‍ථාවේ සිට විටින් විට වෙබ් කැම් එක ආධාරයෙන් ස්වයංක්‍රීයව ඡායාරූප ගෙන එම ඡායරූප අප වෙත එවයි. ( උස්සපු එකා කට ඇරං දිව හපං ලැප් එකේ එව්ව මෙව්ව කොරන ෆොටෝස්  ගොඩාක් එයි :පී)

මීට අමතරව තවත් වැදගත් ඔප්ෂන්ස් කීපයකුත් තියෙනව. ඒ තමයි

  • Alarm – හොරාට වැසිකිළී අවශ්‍යතාවය ඇතිවෙන විදියෙ වැඩක් තම මේක. විනාඩි 10න් 10ට පොලිස් සයිරන් එකක් වදිනව. හිහි සැප කනේ.ඔබට සොරා ළඟපාතක සිටීනම් සොරකම් කර විනාඩි 10ක් අතුලතදිම සොරාව අල්ලා ගැනීමට පුළුවන්.
  • Alert – මෙහිදී තමන්ට කැමති ඇලර්ට් එකක් මෙහි දැමීමෙන් විනාඩි 10න් 10ට සොරාගත් උපකරණයේ එය දිස්වෙනව. මේ ඇලර්ට් මැසේජ් එක කැමතිනං දාගන්ඩ
    “අනේ හොරෝ,හොරා වගේ මගේ ලැප් එක අරගත්ත නේද? දෙන්නයි කිව්වෙ ඒක. :පී”
    (සැ.යු :  දැං ඉන්න හොරු සමහරවිට මේ සොෆ්ට්වෙයා එක ගැන දන්න නිසා ‍මේ සයිරන් එක වදිද්දි  සහ මේ ඇලර්ට් එක එද්දි  මෙම සො‍ෆ්ට්වෙයා එක පරිගණකයේ ඉන්ස්ටෝල් කර තිබෙන බව දැනගන්න පුළුවන්. ඒක අපිට විශාල අවාසියක් ‍වෙන්නේ ඔහු සිස්ටම් නැවත දැම්මොත් ඉන්පසු අපට තොරතුරු ලබාගැනීමට නොහැකි වෙන හිංද )
  • Lock – මෙමඟින් පරිඝණකය ලොක් කර දැමීමට පුළුවන්
  • Secure- මේක නම් ඉතාමත් වැදගත්. මෙමඟින් තම පරිඝණකයේ තිබෙන පුද්ගලික තොරතුරු, විශේෂයෙන්ම ඊමේල් ගිණූම්, වෙබ් බ්‍රව්සර් මතකයන් සොරකම් කළ පුද්ගලයා අතට යෑමට නොදී වලක්වාගත හැකියි.

මෙම මෘදුකාංගය උපයෝගී කරගත් අවස්ථාවක් නරඹන්න

හොඳයි එහෙනම් මේක කට්ටියට වැදගත් කියල හිතෙනවනම් ලයික් කොමෙන්ට් නම් නැතත් කමක් නෑ, දන්න අඳුනන කට්ටියට මේක ගැන කියන්න. ශෙයාර් පාරක් එහෙම දාන්න. (නැතත් කමක් නෑ කිව්ව කියල ලයික් එකක් හරි නොදා පලයල්ලකො බලන්න).  ආයි ඊළඟ පෝස්ට් එක මගේ ඩෙල් 5110 එකෙන්ම දාන්නම්කො :ඩී හැමෝටම ජයවේවා! බුදුසරණයි!

  • http://premiumzone4you.blogspot.com/ Chamil Jayanath

    amma gahai bat ekema tamai.fattai ban…maru mekanam..eth habai danata andride use karanne na..ganna inne Samsung galaxy S 2 ekak eka gaththama godak usefull wei machan….
    thanq hodee :)

  • චමෝද් සසංක

    එළකිරි මචංලා :)

  • http://YourWebsite... hhh

    machan machine eka aragen format kaloth??? oya software eka yay da??

    • චමෝද් සසංක

      ඔව් මචං. ෆෝමැට් කළොත් නම් අයින් වෙනව. හැබැයි ඒකට වෙනම පාටිෂන් එකකට පෝටබල් විදියට ඉන්ස්ටෝල් කරන්න. එතකොට සිස්ටම් පාටිශන් එක ෆෝමැට් කළත් සොෆ්ට්වෙයා එක තියෙයි.

  • http://sinhawap.net www.සින්හවැප්.නෙට්

    එල එල සසන්ක

  • චමෝද් සසංක

    තව පුංචි දෙයක් කියන්න අමතක වෙලා. මේකෙ තියෙනව ඔයාගෙ ලැප් එකේ යූසර් අකවුන්ට්ස් වලට පාස්වර්ඩ් දාලනම් තිබුනෙ ගෙස්ට් එකවුන්ට් එක ඔන්ලයින් මාර්ගයෙන් නැතිඋණ පරිගණකයේ ඔන් කරන්න පුළුවන් ඔප්ශන් එකක්.නැත්නම් සොරා ඉක්මනින්ම පරිගණකයේ ඕ එස් එක මාරු කරයි.
    අපේ ඇඩ්මින් ගිණුම් වලට පාස්වර්ඩ් දාල තිබ්බත් හැමවිටම ‍ගෙස්ට් ගිණුම ඔන් කර තබන්න. එය විශාල වාසියක්.

  • http://YourWebsite... තුසිත

    මේකට ANDROID APPS දාන්නේ කොහොමද?

  • http://YourWebsite... තුසිත

    සමාවෙන්න….වැරදි කොමෙන්ටුවක් වැටුනේ….

  • http://YourWebsite... harshitha

    lap eka horakam kara kiyala software eka danaganne kohomada?

  • Pingback: අනුන්ගෙ බ්ලොග් පෝස්ට් කොපි කර තමන්ගෙ මෙන් පෝස්ට් කරන එළකිරි එකේ විලි ලැජ්ජ නැති හොරා -උපුල් දීමන()

  • Pingback: ඔබේ ස්මාර්ට්ෆෝනයේ ආරක්ෂාවට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක්()

  • laky john

    thanku thanku,!!

Gadgets Mobile Devices
One M9
HTC One M9 හදුන්වාදීමටත් ප්‍රථමව එහි ඇති නව විශේෂාංග සියල්ලම අනාවරණය වෙයි
blogger
Blogger තුල අසබ්‍ය දෑ පළකිරීම තහනම් කෙරෙයි
youtube kids
Google විසින් කුඩා ළමුන් වෙනුවෙන් “YouTube Kids” හදුන්වාදෙයි
windows 10
Download Windows 10 Technical Preview
any video converter free
ඕනෑම වීඩියෝවක් පහසුවෙන් හා ඉක්මනින් convert කරගැනීමට “Any Video Converter Free”
AVG Internet Security 2013 for free
AVG Internet Security 2014 හා AVG Antivirus Pro 2014 වැඩසටහන් වසරක් පුරාවට නොමිළේ
game assistant
ඔබේ Gaming PC එකේ ආරක්ෂාවට “Game Assistant”
tricks lanka liding social widget for blogger
අලුත් විදියක Sliding Social Widget එකක් ඔබේ Blogger බ්ලොග් එකට එකතුකරගන්න
bidvertiser
Google AdSense සදහා විකල්පයක් ලෙසින් බාවිතා කල හැකි “Bidvertiser”
Install Wordpress on your PC
Blogger වෙනුවට ලොව හොඳම Blogging Platform එක – WordPress උපකාරක ලිපි අංක 2
Forum Blogger
ඔබේ බ්ලොග් එකට හෝ ඔබේ වෙබ් අඩවියට නොමිලේම Google Group Forum එකක් එකතු කරගන්නා ආකාරය
IObit Driver Booster Pro Free
පරිගණකයේ Drivers යාවත්කාලීන කිරීමට ඔබට සහය වන IObit Driver Booster Pro වැඩසටහන නොමිළේ ලබාගන්න
HugMac
Bitdefender වෙතින් නවතම 13″ MacBook Air එකක් දිනාගන්න
humblebundle
Humble Store වෙතින් Metro 2033 පරිගණක ක්‍රීඩාවේ Original පිටපතක් නොමිළේ
AVG Internet Security 2013 for free
AVG Internet Security 2014 හා AVG Antivirus Pro 2014 වැඩසටහන් වසරක් පුරාවට නොමිළේ
http_2
වඩා කාර්යක්ෂම හා සුරක්ෂිත අන්තර්ජාල සේවාවක් සඳහා HTTP/2
Home Protection System
තාක්ෂණයෙන් පිරිපුන් අනාගත නිවාස
tech Girl
නවීන තාක්ෂණය සහ නව පරම්පරාව
stealing encryption keys by touching laptop
ඔබේ මිතුරාගේ Laptop එක ස්පර්ශ කර එහි Encryption Keys සොරා ගනිමු